ඉදිරිපත්ව ඇති “සම්මුතීන් හයට” අනුබල දෙන රටවල් සංඛ්‍යාව වැඩි වුවහොත් සාමය සාක්ෂාත් කිරීමේ ඉදිරි දැක්ම වඩාත් දිරිමත් විය හැකි බව චීනය පවසයි
2024-06-04 19:49:27
Share with:

“යුක්රේන අර්බුදයේ දේශපාලන විසඳුම සම්බන්ධයෙන් චීනය හා බ්‍රසීලය අතර සම්මුතීන් හයට” අනුබල දෙන රටවල් සංඛ්‍යාව වැඩි වූවහොත් සාමය සාක්ෂාත් කිරීමේ ඉදිරි දැක්ම වඩාත් දිරිමත් විය හැකි බව චීන විදේශ අමාත්‍යවරයා පවසයි. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශ සාමාජික, විදේශ අමාත්‍ය වං යී මහතා තුර්කි විදේශ අමාත්‍ය Hakan Fidan මහතා සමඟ එක්ව අද(04) බෙයිජිං නගරයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී යුක්රේන අර්බුදය විසඳා ගැනීම සඳහා චීනය දරන මූලික ස්ථාවරය පැහැදිලි කර ඇත.

 “යුක්රේන අර්බුදයේ දේශපාලන විසඳුම සම්බන්ධයෙන් චීනය සහ බ්‍රසීලය අතර සම්මුතීන් හයක්”පසුගිය දා චීනය හා බ්‍රසීලය ඒකාබද්ධව නික්තු කළ බව වං යී මහතා පැවසීය.යුක්රේන යුද භූමිය ව්‍යාප්ත නොවීම, යුද්ධය උග්‍ර නොවීම, ඒ ඒ පාර්ශ්ව අතර ගැටුළු ඇති නොකිරීම පිළිබඳ ප්‍රධාන මූලධර්ම තුනක් එහිදී අවධාරණය කෙරිණ.සංවාද හා සාකච්ඡා සඳහා අනුබල දීම, මානුෂවාදී සහනාධාර ශක්තිමත් කිරීම, න්‍යෂ්ටික ආයුධ භාවිතයට විරුද්ධ වීම, න්‍යෂ්ටික විදුලි බලාගාරවලට එරෙහි ප්‍රහාරයන්ට විරුද්ධ වීම, ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම්දාමයේ ස්ථාවරත්වය සහතික කිරීම යන කරුණු වෙනුවෙන් ක්‍රියා කරන ලෙස එහිදී චීනය හා බ්‍රසීලය ඒ ඒ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

සතියක කෙටි කාලයක් තුළ ලෝකයේ රටවල් 45ක් විවිධ ආකාරවලින් එම “සම්මුතීන් හයට” සක්‍රීය ප්‍රතිචාර දක්වා ඇති බව වං යී මහතා ප්‍රකාශ කළේය. රුසියාව හා යුක්රේනය එම සම්මුතීන්ගෙන් බහුතරයක් අගය කර ඇත. වඩා වැඩි රටවල් එම “සම්මුතීන් හයට ”අනුබල දීමත් සමග සාමය හැකි ඉක්මනින් උදා වනු ඇතැයි අපේක්ෂා කළ හැකි බව ද හෙතෙම පැවසීය.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම