චීන ජනපති ගෙන් අයිස්ලන්ත ජනපති ධූරයට අලුතෙන් තේරී පත්වූ Halla Tómasdóttir මහත්මියට සුබ පැතුම්
2024-06-04 19:18:04
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අයිස්ලන්ත ජනපති ධූරයට තේරී පත්වන Halla Tómasdóttir මහත්මිය වෙත සුභපැතුම් පිරිනමයි.

මෑත වසර කිහිපය තුළ චීන අයිස්ලන්ත සබඳතාව යහපත් ලෙස වර්ධනය වෙමින් පවතින බව ෂී ජින්පිං මහතා එහිදී කීය. දෙපාර්ශ්වය ආර්ථික හා වෙළඳ ආයෝජන, භූතාප සම්පත් හා පරිසර සංරක්ෂණ, සංස්කෘතික හා සංචාරක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතා ක්‍රමයෙන් ප්‍රවර්ධනය කරමින් තිරසරව නව ප්‍රතිඵල ලබා ගෙන තිබේ. දෙරටේ සබඳතා වර්ධනය තමා ඉමහත් සේ වැදගත් කොට සලකන බව ද ඔහු ප්‍රකාශ කරයි. Halla Tómasdóttir ජනාධිපතිනිය සමග එක්ව දේශපාලන අන්‍යෝන්‍ය විශ්වාසය ගැඹුරු කිරීම හා අන්‍යෝන්‍ය  ප්‍රතිලාභී සහයෝගිතා පුළුල් කිරීම මගින් දෙරටේ සබඳතාව නව මට්ටමකට ගෙන යාමට අපේක්ෂා කරන බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩය සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම