චීන නිලධාරීන්ට වීසා සීමා පැනවීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශයට චීනයේ විරෝධය
2024-06-03 18:44:55
Share with:

චීන මධ්‍යම රජයේ සහ චීන හොංකොං විශේෂ පරිපාලන කලාපයේ රජයේ නිලධාරීන්ට නව වීසා සීමා පැනවීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශයට චීනය දැඩි විරෝධය පළ කරයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ඒ බව පැවසුවේ අද (3) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී ය.

චීනයේ හොංකොං අධිකරණය "රාජ්‍ය බලය යටපත් කිරීමේ කුමන්ත්‍රණ අපරාධයට" සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් නියම කිරීම පිළිබඳව, ඇමරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මෑතකදී ප්‍රකාශකයක් නිකුත් ක‍ළේය. එම ප්‍රකාශයට අනුව, චීන මධ්‍යම රජයේ සහ චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ රජයේ ඇතැම් නිලධාරීන්ට ඇමරිකාව නව වීසා සීමාවන් ක්‍රියාත්මක කරනු ඇත.

එය ඇමරිකාව හිතාමතාම චීනයේ "එක් රටක්, ක්‍රම දෙකක්" ප්‍රතිපත්තියට පහර දීමක් බව Mao Ning මහත්මිය අවධාරණය ක‍ළාය. එය හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජාතික ආරක්ෂක නීතියට මඩ ගැසීමක් වන අතර, හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳව අසත්‍ය අර්ථ දැක්වීමක්ද වෙයි. එය හොංකොංහි අධිකරණයට පමණක් නොව, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් වන අතර, ජාත්‍යන්තර නීතිය සහ ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් ද උල්ලංඝනය කිරීමකි. ඊට  චීනය තරයේ විරෝධය පළ කරන බව ඇය කියා සිටියාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම