මාලදිවයින ඊශ්‍රායල ජාතිකයන්ට ඇතුළුවීම තහනම් කිරීමේ නීති සකසයි
2024-06-03 09:29:57
Share with:

ඊශ්‍රායල ජාතිකයින්ට රට තුළට ඇතුළුවීම තහනම් කිරීම සඳහා මාලදිවයින් රජය සිය නීති සංශෝධනය කිරීමට තීරණය කරයි. එරට ස්වදේශ ආරක්ෂක සහ තාක්ෂණ අමාත්‍ය Ali Ihusan මහතා මේ බව පවසා ඇත.

ගාසා තීරයේ විනාශකාරී ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයින් සිය රටට ඇතුළු වීම තහනම් කරන ලෙස  පුරවැසියන් කළ ඉල්ලීම්වලින් අනතුරුව කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගත් බව ඊයේ(2) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.

මෙම තහනම ක්‍රියාත්මක කිරීම සඳහා රජය නීතිමය සංශෝධන සිදු කරන බවත්, එම ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇති බවත් ඔහු කියා සිටී.

මාලදිවයිනට වසරකට සංචාරකයින් මිලියනයකට අධික ප්‍රමාණයක් පැමිණෙන අතර ඉන් 15,000ක් පමණ ඊශ්‍රායලයෙන් පැමිණෙන බව දේශීය මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම