හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි දුරකථන ඇමතුම් අංකයක්
2024-06-03 15:13:16
Share with:

හදිසි ආපදා තත්ත්වයන් දැනුම්දීමට සහ විපතට පත් පුද්ගලයන් වෙත තවදුරටත් සහන සැලසීම වෙනුවෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි දුරකථන ඇමතුම් අංකය 24 පැය පුරා ක්‍රියාත්මක කර තිබේ.

එමඟින් සේවා සම්බන්ධයෙන් සෘජුව දායක කරගත යුතු සියලු රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සම්බන්ධ කිරීමටත්, පහසුකම් සැලසීමටත් කටයුතු සලසන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර ආපදා තත්ත්වයන් පිළිබඳව දැනුම්දීම සඳහා පොලීසිය විසින් ආරම්භ කළ විශේෂ මෙහෙයුම් මැදිරියේ දුරකථන අංක යාවත්කාලීන කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම