තෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීමට OPEC+ රටවල් නිෂ්පාදන කප්පාදුව දීර්ඝ කරයි
2024-06-03 14:04:40
Share with:

ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය වන ඔපෙක් සහ ඔපෙක් ප්ලස් ලෙස හැඳින්වෙන එහි මිත්‍ර රටවල්, තෙල් මිල ස්ථාවරව පවත්වා ගැනීම සඳහා දැනට පවතින නිෂ්පාදන කප්පාදුව අවම වශයෙන් මේ වසරේ තුන්වැනි කාර්තුව දක්වා දීර්ඝ කිරීමට තීරණය කරයි.

ඔපෙක් ප්ලස් සංවිධානයේ තෙල් හා බලශක්ති අමාත්‍යවරුන්ගේ මාර්ගගත රැස්වීමකින් පසුව, ප්‍රකාශයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ තම සාමාජිකයන් සඳහා මෙම වසරේ නිෂ්පාදන කෝටාවන් 2025 වසර අවසානය දක්වා දීර්ඝ කරන බවයි. අදාළ කෝටාවන් අනුව දෛනිකව බැරල් මිලියන 2 ක් කපා හැරෙනු ඇත. මෙම නිමැවුම් ඉලක්ක සඳහා ඔවුන් මුලින් එකඟ වූයේ 2022 වසර අග භාගයේදීය.

මීට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිමැවුම් සීමාව දෛනික බැරල් ගණන 300,000 සිට මිලියන 3.519 ක් දක්වා ඉහළ නැංවීමට එකඟ වූ බව ද ප්‍රකාශයේ දැක්වේ.

ස්ථාවර තෙල් වෙළඳපොලක් සාක්ෂාත් කර ගැනීමට සහ පවත්වා ගැනීමටත්, වෙළඳපොළ සඳහා දිගුකාලීන මගපෙන්වීම, විනිවිදභාවය සහ පූර්ව ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණයන්ට එළඹුණු බව ද ඔපෙක් ප්ලස් ප්‍රකාශය පවසයි.

ඔපෙක් ප්ලස්  මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීම ලබන දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිතය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම