ලෝක සාමය හා ආරක්ෂාව රැක ගැනීමේ චීනයේ අභිලාෂය ප්‍රායෝගික උත්සාහක්
2024-06-03 10:11:41
Share with:

චීනය ක්‍රියාවෙන් ලෝක සාමය හා ආරක්ෂාව රැකගන්නා බවට සහතික කෙරේ.

21වන Shangri-La සංවාදය ඊයේ (2) සිංගප්පූරුවේදී නිමාවට පත් විය. ඉන් අනතුරුව එම සංවාදයට එක්වූ චීන විශේෂඥයෝ මාධ්‍ය හමුවකට සහභාගි වූහ.

රටවල් අතර පවතින සම්බන්ධතා සහ ලෝකයේ කාලීන ආරක්ෂක ගැටළු නිරාකරණය වෙනුවෙන් චීනය පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ගොඩ නැගීමේ සංකල්පය, ගෝලීය සංවර්ධන මුලපිරුම, ‍ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම ඉදිරිපත් කර ඇත. එමඟින් චීනය ක්‍රියාවෙන් ලෝක සාමය හා ආරක්ෂාව රැකගැනීමේ පියවර ලොවට පසක් කර ඇතැයි එම විශේෂඥයෝ මාධ්‍ය හමුවේදී කියා සිටියහ. චීනය ‍ගෝලීය ආරක්ෂක මුලපිරුම ඉදිරිපත් කිරීමෙන් පසු එම මුලපිරුම ක්‍රියාවට ද නංවා තිබේ. ඒ අනුව සෞදි අරාබිය හා ඉරානය අතර සංහිඳියාව ගොඩනැගීමට චීනය සමත්ව ඇත. යුක්රේන අර්බුදය හා ඊශ්‍රායල-පලස්තීන ගැටුම සාමකාමී ලෙස සමනය කිරීමට චීනය ක්‍රියාශීලිව කටයුතු කරමින් සිටී. ඉදිරියේදී ජගත් ප්‍රජාව වෙනුවෙන් චීනය තවත් මහජන ආරක්ෂක මතවාද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව ද එම විශේෂඥයන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම