ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන සිව්වන උපදේශනය සහ දෙවන සමාලෝචනය ජුනි 12වෙනිදා
2024-06-03 15:10:03
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජූනි 12වෙනි දිනට යෙදී තිබෙන කාර්ය මණ්ඩල රැස්වීම් න්‍යාය පත්‍රයේ විස්තීරණ ණය පහසුකම  යටතේ ශ්‍රී ලංකාව සඳහා වන සිව්වන උපදේශනය සහ දෙවන සමාලෝචනය සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ, මෙම සැසියේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ ප්‍රගතිය ඇගයීමට ලක්කරනු ඇති බවය. 

ආර්ථික ස්ථාවරත්වය, වර්ධනය සහ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් තවදුරටත් ඉහළ නංවන තුන්වන වාරිකය මුදාහැරීම සඳහා සාර්ථක සමාලෝචනයකට සියලුම රටවල අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම