දකුණු චීන මුහුද පිළිබඳ පිලිපීන‍ ජනපතිගේ ප්‍රකාශ ඓතිහාසික සත්‍යය මත පදනම් නොවන බව චීනය කියයි
2024-06-03 14:37:36
Share with:

දකුණු චීන මුහුද පිළිබඳ පිලිපීන‍ ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ඓතිහාසික සත්‍යය මත පදනම් නොවන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

පිලිපීන ජනාධිපති Ferdinand Romualdez Marcos මහතා පසුගිය දා පැවති 21වන Shangri-La සංවාදයේ දී තම රටේ ‍භෞමික වපසරියේ ඊනියා නීතිමය පදනම පිළිබඳව විග්‍රහ කළේය. හෙතෙම පැවසුවේ ‘එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුද්‍ර නීති සම්මුතිය’ සහ දකුණු චීන මුහුදේ සමථකරණ තීන්දුවට අනුව ද තම රටේ නීත්‍යනුකූල අයිතිවාසිකම් පිළි ගෙන ඇති බවයි. එම සම්මුතිය දකුණු චීන මුහුද පිළිබඳ පිලිපිනයේ ප්‍රතිපත්තිමය පදනම බව ද හෙතෙම කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙක් පැවසුවේ දකුණු චීන මුහුද ආශ්‍රිත දූපත් සමූහයේ අවිවාදීත්ව ස්වෛරීභාවය චීනය සතු අතර අදාළ මුහුදු ප්‍රදේශවල ස්වෛරීභාවය හා පාලන අයිතිය ද චීනය සතු බවයි. පිලිපීනයේ භෞමික වපසරියට දකුණු චීන මුහුදේ දූපත් සමූහය අයත් නොවෙයි. එසේ ම, දකුණු චීන මුහුදේ සමථකරණ තීන්දුව නීත්‍යනුකූල නොවන මෙන් ම නිෂ්ඵල බව ද ඔහු පැවසීය. චීනයේ හා ආසියන් රටවල ඒකාබද්ධ ප්‍රයත්න යටතේ දකුණු චීන මුහුද ස්ථාවර තත්ත්වයක පවතී. දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනය හා පිලිපීනය අතර මෑතක පවතින මතභේද උග්‍ර වීම පිළිබඳව පිලිපීනය වගකිව යුතු ය. සිය භෞමික අඛණ්ඩතාව හා මුහුදු අයිතිවාසිකම් තරයේ රැක ගන්නා චීනය, අදාළ රටවල් සමග එක්ව ඉතිහාසය මත පදනම් කර ගනිමින් සාකච්ඡා මාර්ගවලින් එහි ගැටළු විසදා ගැනීමට සූදානම් බව ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම