චීනයේ සංවර්ධන ප්‍රාතිහාර්ය‍ය එරටට අනන්‍ය සංවර්ධන ක්‍රියාවලියෙහි ප්‍රතිඵලයයි
2024-06-03 09:14:38
Share with:

චීනය වර්තමානයේ වේගවත් සංවර්ධන ගමනක නියැළී සිටී. සමාජවාදී ප්‍රජාතන්‍ත්‍රවාදය ඔස්සේ ඉහළ ගුණත්වයෙන් යුත් සංවර්ධනයකට පිවිසීම එහිදී විශේෂයෙන් දැක ගත හැකි ය. තමන්ට අනන්‍ය වූ දේශපාලන ක්‍රමය තුළ ඔවුන් ළඟා වී ඇත්තේ හුදු ආර්ථික සංවර්ධනයකට පමණක් නොවේ. එය තිරසර බව සහතික කළ සංවර්ධනයක් බව ජනාධිපති මාධ්‍ය ඒකකයේ මාධ්‍ය අධ්‍යක්ෂ නදීරා මඩුගල්ල මහත්මිය පැවසුවාය.

යුරෝපා කලාපය තුළ ද දක්නට නොලැබෙන නවීකරණයේ උසස් ප්‍රමිතීන් ඇතුළත් සංවර්ධනයක් චීනය තුළ දැක ගත හැකිය. එය අගනුවර වන බෙයිජිං නගරයට පමණක් සීමා නොවී සියලු නගරවලට ව්‍යාප්ත වූ සංවර්ධනයක් වීම ද විශේෂත්වයකි. විශාල ජනගහනයක මූලික අවශ්‍යතා නිසි පරිදි සපුරාලන චීනයේ මෙම වැඩපිළිවෙළ චීනයේ සමාජවාදී ප්‍රජාතන්‍ත්‍රවාදය සහ ඉහළ ගුණත්වයෙන් යුත් සංවර්ධනයේ සාර්ථකත්වය මනාව පිළිඹිබු කරන බව ඇය කියා සිටියාය.

චීනය සෑම විටම සිය රට සතුව ඇති සම්පත් සහ උචිත ක්‍රමවේදය පැහැදිලිව හඳුනාගෙන ඇත. ඒ ඔස්සේ සිය අභියෝග අවස්ථාවක් කර ගනිමින් ගුණාත්මක සංවර්ධනයක් ළඟා කර ගනිමින් සිටී. ඒ අනුව, රටට ගැළපෙන සංවර්ධන ක්‍රමයක් අනුගමනය කිරීමේ වටිනාකම චීනය මනාව ලොවට පෙන්නුම් කර ඇති බවත්, එරට සතු වේගවත් සංවර්ධන ප්‍රාතිහාර්ය‍යට එය ප්‍රමුඛතම හේතුවක් වී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ නදීරා මඩුගල්ල මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම