තායිවාන සහ දකුණු චීන මුහුදේ ප්‍රශ්න සම්බන්ධයෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස චීනය දකුණු කොරියාවෙන් ඉල්ලයි
2024-06-03 20:13:19
Share with:

චීනයේ තායිවාන ප්‍රශ්නය සහ දකුණු චීන මුහුදේ ප්‍රශ්නය සම්බන්ධයෙන් දකුණු කොරියාව, ඇමරිකාව සහ ජපානය යන රටවල වැරදි ප්‍රකාශ පිළිබඳව චීනය තම ස්ථාවරය පැහැදිලි කරයි.

එකම චීනය මූලධර්මය, චීනය සෙසු රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනැගීම හා සංවර්ධනය කිරීම සඳහා පදනමක් බව දකුණු කොරියාවේ චීන තානාපති කාර්යාල ප්‍රකාශකයා අද (3) පැවසීය. තායිවාන ප්‍රශ්නයේදී සීමාව ඉක්මවා යන්නේ නම් වන්දියක් නොගෙවන අවස්ථාවක් අපේක්ෂා නොකළ යුතු බව ද හෙතෙම කීය.

දකුණු චීන මුහුදේ දූපත් කෙරෙහි චීනයට අවිවාදිත ස්වෛරීභාවයක් පවතී. එය‍ට ප්‍රමාණවත් ඓතිහාසික හා නෛතික පදනමක් ඇති අතර, අදාළ ජාත්‍යන්තර නීතියට සහ ජාත්‍යන්තර භාවිතයන්ට අනුකූල වන බව ද හෙ‍තෙම පෙන්වා දුන්නේය.  දකුණු චීන මුහුදේ ප්‍රශ්නයට අදාළ පාර්ශ්වකරුවන් නොවන එම රටවල් තුන චීනයට ඇඟිල්ල දිගු නොකළ යුතු බව ඔහු පැවසීය.

තායිවාන සහ දකුණු චීන මුහුද ප්‍රශ්න සම්බන්ධයෙන්, ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසත්, ප්‍රායෝගික ක්‍රියාවලින් චීන-දකුණු කොරියානු සබඳතාව ආරක්ෂා කරන ලෙසත් චීනය දකුණු කොරියාවෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම