77වැනි ලෝක සෞඛ්‍ය සමුළුව තීරණ රැසකට එළඹෙයි
2024-06-03 10:02:41
Share with:

77වැනි ලෝක සෞඛ්‍ය සමුළුව පසුගිය 1වැනිදා ජිනීවාහිදී අවසන් විය. එම සමුළුවේ දී නව තීරණ රැසක් ගෙන තිබේ. එතුළින් “ජාත්‍යන්තර සෞඛ්‍ය රෙගුලාසි”සංශෝධනය වැදගත් එකකි. වසර දෙකක් පුරා සාකච්ඡා කිරීමෙන් අනතුරුව වසංගතය ඇතුළු මහජන සෞඛ්‍ය හදිසි අවස්ථා වැළැක්වීම, අධීක්ෂණය කිරීම හා ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ගෝලීය හැකියාව ශක්තිමත් කිරීමේ සංශෝධිත සැලසුම් මාලාවක්, විවිධ රටවල් විසින් එහිදී සම්මත කර ඇත.

ක්ෂුද්‍ර ජීවී නාශක ප්‍රතිරෝධය, දේශගුණික විපර්යාස හා සෞඛ්‍යය, ආසාදන වැලැක්වීම හා පාලනය, ගැබිනි හා දරු ප්‍රසූතිය සිදු කළ කාන්තාවන්, අලුත උපන් දරුවන් සහ ළමා සෞඛ්‍යය පිළිබඳ යෝජනා ද මෙම සමුළුවේදී සම්මත විය.

එසේම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් එම සංවිධානයේ 14 වන පොදු කාර්ය වැඩසටහන අනුමත කළේය. මෙම වැඩසටහන 2025 සිට 2028 දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය සෞඛ්‍ය උපාය මාර්ගය වනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම