චීන ජනපතිගේ විශේෂ නියෝජිතයා එල් සැල්වදෝර ජනපති හමුවෙයි
2024-06-03 09:28:09
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ගේ විශේෂ නියෝජිත, චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍ය Sun Yeli මහතා,එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකලේ මහතා හමුවෙයි. ජනාධිපතිවරයාගේ ඇරයුමින් ඔහුගේ නව ධුර කාලය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වූ Sun Yeli මහතා පසුගිය 1වැනිදා සැන් සැල්වදෝර අගනුවර දී  මෙම හමුවට එක්විය.

දෙරට නායකයන්ගේ මගපෙන්වීම යටතේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමෙන් පසු ගෙවී ගිය වසර හය තුළ චීන - එල් සැල්වදෝර සබඳතා පුළුල් ලෙස හා වේගයෙන් වර්ධනය වී ඇති බව Sun Yeli මහතා එහිදී පැවසීය. දෙරට සංවර්ධන උපායමාර්ග ශක්තිමත් කිරීම සහ චීන-එල් සැල්වදෝර සබඳතාවල තිරසර හා පුළුල් සංවර්ධනය සහතික කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට චීනය සූදානමින් සිටින ද ඔහු කියාසිටියේය.

තම නව ධුර කාලය ඇරඹීමේ උත්සවයට විශේෂ නියෝජිතයෙකු සහභාගි කරවීම සම්බන්ධයෙන් නයිබ් බුකලේ මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා‍ට කෘතඥතාව පළකළේය. චීනය සමඟ සබඳතා වර්ධනය කර ගැනීම එල් සැල්වදෝරයට ඉතා වැදගත් බවත්, චීනය සමඟ සහයෝගිතා පුළුල් කිරීම සහ ද්විපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට රැගෙන ඒම එල් සැල්වදෝරයේ අපේක්ෂාව බවත් නයිබ් බුකලේ ජනාධිපතිවරයා පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම