වෙනත් රටවල් ප්‍රතික්ෂේප කරන සංවෘත කණ්ඩායමක් ගොඩනැගීමට චීනයේ දැඩි විරෝධය
2024-06-03 18:38:18
Share with:

වෙනත් රටවල් ප්‍රතික්ෂේප කරන සංවෘත කණ්ඩායමක් ගොඩනැගීමට චීනය ස්ථීර විරෝධය පළ කරයි. 

ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව යන රටවල් තුනේ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීම හා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සංවාදය අතරතුර නිකුත් කෙරුණු ඒකාබද්ධ නිවේදනයේ චීනය හා සම්බන්ධ සෘණාත්මක කරුණු දක්වා තිබේ. මේ සම්බන්ධයෙන් අද(3) පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අදහස් පළ කළාය.

අදාල රටවල් තුන, ත්‍රෛපාර්ශ්වික ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රස්වීම හා නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරුන්ගේ සංවාදය ප්‍රයෝජනයට ගනිමින් ඊනියා Indo-Pacific උපාය මාර්ගය ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කර ඇත. එම රටවල් තායිවාන ප්‍රශ්නය කෙරෙහි වැරදි ප්‍රකාශ පළ කළ අතර චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දරුණු ලෙස මැදිහත්වී තිබේ. එමෙන්ම ඔවුන් දකුණු චීන මුහුදු ප්‍රශ්නය පිළිබඳව වැරදි හා අයුතු සහගත ලෙසින් චීනයට චෝදනා එල්ල කරමින් චීනය හා අසල්වැසි රටවල් අතර සබඳතාවන්ට හානි කරමින් ජාත්‍යන්තර සබඳතාවේ මූලික සම්මතය බරපතල ලෙස උල්ලංඝනය කර ඇත. චීනය ඊට දැඩි අප්‍රසාදය මෙන්ම  ස්ථිර විරෝධය පළ කරන බව Mao Ning මහත්මිය පැවසුවාය. 

කණ්ඩායම් දේශපාලනය හැසිරවීම, ගැටුම් ඇති කිරීම හා උග්‍ර කිරීම ඇතුළු වෙනත් රටවල උපායමාර්ගික ආරක්ෂාව හා ජයග්‍රහණයන්ට හානි කරන ඕනෑම ක්‍රියා හා ප්‍රකාශවලට චීනය දැඩි ලෙස විරුද්ධ වේ. ආසියා -ශාන්තිකර කලාපය තුළ, වෙනත් රටවල් ප්‍රතික්ෂේප කරන සංවෘත කණ්ඩායමක් ගොඩනැගීමට චීනය ස්ථීරව විරෝධ පළ කරන බවද Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම