චීන ඉන්ජිනේරු ඇකඩමිය ස්ථාපිත වීමේ 30වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනපති ගෙන් සුබ පැතුම්
2024-06-03 16:38:20
Share with:

චීන ඉන්ජිනේරු ඇකඩමිය ස්ථාපිත වීමේ 30වැනි සංවත්සරය වෙනුවෙන් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි. එම ඇකඩමියේ විද්වතුන් හා රටේ විද්‍යා තාක්ෂණික සේවකයින් වෙත ඔහු එහිදී හෘදයාංගම සුබ පැතුම් පිරිනමා ඇත.

ගෙවී ගිය වසර 30 තුළ පක්ෂයේ ශක්තිමත් නායකත්වය යටතේ චීන ඉන්ජිනේරු ඇකඩමිය සිය විද්වතුන් හා රටේ විද්‍යා තාක්ෂණිකයින්ගේ එකමුතුවෙන් ඉන්ජිනේරු විද්‍යා තාක්ෂණික සංවර්ධනය මුළුමනින් ඉදිරියට ගෙන යාමට ප්‍රයත්න දරා තිබෙන බව ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. රටේ මහා ව්‍යාපෘති හා වැදගත් විද්‍යා තාක්ෂණික මෙවලම් තැනීම සඳහා ඔවුන් විවිධ අභියෝග ජය ගෙන  රටේ නවෝත්පාදන ශක්‍යතාවටත් උසස් ගුණාංග ආර්ථික සමාජීය සංවර්ධනයටත් වැදගත් මෙහෙවර ඉටු කර ඇත.

ඉන්ජි‍නේරු විද්‍යා තාක්ෂණය මානව සමාජ දියුණුවට වැදගත් එන්ජිමකි. නව ආරම්භයක සිට චීන ඉන්ජිනේරු ඇකඩමියට ජාතික උපායමාර්ගික විද්‍යා තාක්ෂණික කාර්යභාරය හා ජාතික බුද්ධිමණ්ඩලයේ කාර්යභාරය ඉටු කරමින් විද්‍යාඥයින්ගේ ජීවගුණය විදහා පාමින් නවෝත්පාදනය මෙහෙයවමින් කේන්ද්‍රීයම තාක්ෂණාංග පිළිබඳ අභියෝග දිනා ගෙන උසස් මට්ටමේ විද්‍යා තාක්ෂණික ස්වාධීනත්වය ඇති ලෝක බලවත් විද්‍යා තාක්ෂණික රටක් ගොඩනගා ගැනීමට ඉහළ කැපකිරීම් සිදු කළ හැකි යැයි ෂී ජින්පිං මහතා එහිදී බලාපොරොත්තු පළ කර ඇත.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම