'තායිවානයේ ස්වාධීනත්වය' මැඩපැවැත්වීමට චීන මහජන විමුක්ති හමුදාව සූදානම් බවට චීන ආරක්ෂක ඇමතිගෙන් ප්‍රකාශයක්
2024-06-02 14:58:05
Share with:

"තායිවානයේ ස්වාධීනත්වය" කිසිවිටෙකත් සිදු නොවන බව සහතික කරමින් එය මැඩපැවැත්වීමට චීන මහජන විමුක්ති හමුදාව (PLA) දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව චීනය පවසයි. චීන ආරක්ෂක අමාත්‍ය Dong Jun මහතා ඊයේ(01) මේ බව ප්‍රකාශ කළේය. ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන 21 වැනි ජාත්‍යන්තර උපායමාර්ගික අධ්‍යයන ආයතනයේ Shangri-La සංවාදයෙහි “ගෝලීය ආරක්ෂාව සඳහා චීනයේ ප්‍රවේශය” පිළිබඳ දේශනයක් සිදු කරමිනි.

සාමකාමී සංවර්ධනය චීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අනිවාර්ය අංගයක් වන අතර කිසිවිටෙකත් ආධිපත්‍යය හෝ හමුදා ව්‍යාප්තිය ක්‍රියාත්මක නොකරන බව හෙතෙම එහිදී පැවසීය.

ආසියා පැසිෆික් කලාපයේ රටවලට සිය ගැටළු විසඳා ගැනීමට හැකි බවත් ඒ සඳහා බාහිර අධිපතිවාදී බලවතුන්ගේ අනිසි මැදිහත්වීම හෙළා දකින බව ද Dong Jun මහතා කියාසිටියේය.

තායිවාන ප්‍රශ්නය චීනයේ මූලික අවශ්‍යතාවල හරය වන බව ප්‍රකාශ කළ Dong Jun මහතා, එකම චීනය මූලධර්මය ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතය ලෙස බොහෝ කලක සිට පිළිගෙන ඇති බව ද අවධාරණය කළේය.

චීන තායිවාන ප්‍රදේශයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ බලධාරීන් තායිවාන සමුද්‍ර සන්ධියේ දෙපාර්ශ්වය අතර සමාජ, ඓතිහාසික හා සංස්කෘතික බැඳීම් බිඳ දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටී. එමෙන්ම එම කලාපයට ආයුධ විකිණීම සහ තායිවාන ස්වාධීනත්වය ප්‍රවර්ධනය කිරීමට ඇතැම් බාහිර බලවේග අඛණ්ඩව උත්සාහ කරයි. ඒ ඔස්සේ චීනය මර්දනය කිරීමට ප්‍රයත්න දැරුව ද ඉන් තායිවානය භයානක තත්වයකට ගෙන යනු ඇති බවට Dong Jun මහතා අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම