වෙරළ තීර 28 ක් “නිල්ධජ වෙරළ තීර”බවට පත්කිරීමට සැලසුම්
2024-06-02 17:33:25
Share with:

දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනාගත් මෙරට වෙරළ තීර 28 ක් “නිල්ධජ වෙරළ තීර ”ලෙස නම් කිරීමට අවධානය යොමුව ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 

එහි මුල් අදියර යටතේ උණවටුන, බෙන්තොට, පාසිකුඩා හා ආරුගම්බේ යන වෙරළ තීරයන්වල නිල්ධජ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. එම වෙරළ තීරයන් තෝරාගෙන ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ උපදෙස් මතයි. 

ශ්‍රී ලංකාවේ තෝරාගත් මෙම වෙරළ කලාප තුළ සංචාරක ආකර්ශනය වැඩි කිරීමට හැකිවන අතර එමගින් එම කලාපවල පරිසරය ආරක්ෂා කිරීම, සංචාරකයන් සදහා ප්‍රමාණවත් පහසුකම් සැපයීම, සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම හරහා සංචාරක කර්මාන්තයේ දියුණුව සමගම අදාළ කලාපයේ ජනතාවගේ ජීවන තත්ත්වය ද ඉහළ නැංවීමට ද හැකියාව ලැබෙනු ඇත.

 

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම