චීන මහජන සමූහාණ්ඩුව හා එක්සත් එමිර් අරාබි රාජ්‍යය අතර ඒකාබද්ධ නිවේදනයක්
2024-06-02 16:07:58
Share with:

චීන මහජන සමූහාණ්ඩුව හා එක්සත් එමීර් අරාබි රාජ්‍යය අතර ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරේ. එක්සත් එමීර් අරාබි රාජ්‍යයේ ජනාධිපති Mohamed bin Zayed Al Nahyan මහතා පසුගිය 30වනදා සිට පසුගිය 31 වනදා දක්වා චීනයේ නිල සංචාරයක නිරත වීමට සමගාමීව මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරිණ.

එම ඒකාබද්ධ නිවේදනයට අනුව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා එමීර් අරාබි රාජ්‍යයේ ජනාධිපති Mohamed bin Zayed Al Nahyan මහතා හමු වෙමින් අදහස් හුවමාරු කර පුළුල් මෙන්ම වැදගත් එකඟතාවන්වලට පැමිණ තිබේ. දෙරට හා දෙරටේ ජනතාවගේ අපේක්ෂාව සපුරා ගැනීම වෙනුවෙන් පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතා ශක්තිමත් කිරීම පිළිබඳ ඔවුන් සාකච්ඡා කර තිබේ. පොදුවේ අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව දෙපාර්ශ්වය අවධාරණය කර ඇත්තේ ජාත්‍යන්තර සාමය හා ආරක්ෂාව ප්‍රවර්ධනය කරමින් ජගත් ප්‍රජාවේ සුභසෙත සැලසීම සිදු කළ යුතු බවයි.

ආර්ථික ගෝලීයකරණය හා ජාත්‍යන්තර සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමෙන් පොදු අභියෝගවලට ප්‍රතිචාර දක්වමින් සමස්ත මානවයන්ගේ සමාජයීය පොදු වටිනාකමට අනුබල දිය යුතු බව දෙපාර්ශ්වය ප්‍රකාශ කළහ. දෙරට පොදු ඉරණමක් සහිත චීන එක්සත් එමිර් අරාබි රාජ්‍ය හවුල හා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව ඒකාබද්ධව ‍ගොඩනැගීම ප්‍රවර්ධනය කරනු ඇත. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම හා ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම පිළිගනිමින් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීන ජනතාව ලබා ගත් ජයග්‍රහණ එක්සත් එමිර් අරාබි රාජ්‍යය ඉහළින් අගය කරනු ඇත.

එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ගොඩනැගීම, ආයෝජන, වෙළඳ, විද්‍යා තාක්ෂණ, සංචාරක, සෞඛ්‍ය, සංස්කෘතික, උසස් අධ්‍යාපන, චීන භාෂාව ඉගැන්වීම, බුද්ධිමය දේපළ අයිතිවාසිකම්, න්‍යෂ්ටික බලශක්තිය භාවිත ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා වෙනුවෙන් දෙපාර්ශ්වය ගිවිසුම් හා අවබෝධතා රැසකට එහිදී අත්සත් තැබිණ.

එකම චීනය ප්‍රතිපත්තිය අඛණ්ඩව අනුගමනය කරමින් ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාවය පිළිබඳ චීනය දරන ස්ථාවරයට එක්සත් එමිර් අරාබි රාජ්‍යය සහාය ලබා දෙනු  ඇත. විදේශ බලවේග චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට පිළිබඳ එක්සත් එමිර් අරාබි රාජ්‍යය දැඩි විරෝධය පළ කරයි.

එමෙන්ම ගාසා තීරයේ  සටන් විරාමය කඩිනමින් ක්‍රියාත්මක කිරීම හා එක්සත් ආරක්ෂක මණ්ඩලයේ අදාළ තීරණ නිසි ලෙස ක්‍රියාත්මක කිරීම සිදු කරන ලෙස දෙරට ඉල්ලා සිටී. සහනාධාර ද්‍රව්‍ය සුරක්ෂිතව මෙන්ම කඩිනමින් අවශ්‍ය පුද්ගලයන් වෙත යොමු කළ යුතු ය. ද්විරාජ්‍ය විසඳුම දෙපාර්ශ්වය අවධාරණය කරන බව ද එම ඒකාබද්ධ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබිණ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම