චීන ජාතික නවීන ශිෂ්ටාචාරය පිළිබඳ වැඩමුළුව බෙයිජිහිදී
2024-06-02 18:35:59
Share with:

චීන සමාජ විද්‍යා ඇකඩමිය සංවිධාන කරන චීන ජාතික නවීන ශිෂ්ටාචාරය පිළිබඳ වැඩමුළුව අද(2) බෙයිජිංහිදී පැවැත්වේ. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, එම සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ ප්‍රධානී Li Shulei මහතා එම වැඩමුළුවට එක් වෙමින් ප්‍රධාන දේශනය සිදු කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පසුගිය වසරේ පැවති සංස්කෘතික උරුම සහ එහි ප්‍රවර්ධනය පිළිබඳ සාකච්ඡාවේදී ඉදිරිපත් කළ නව යුගයේ සංස්කෘතික මෙහෙවර භාර ගැනීම හා චීන ජාතික නවීන ශිෂ්ටාචාරය ගොඩනැගීම යන ඉල්ලීම ඔස්සේ චීන සංස්කෘතිය ගොඩනැගීමේ සංවර්ධන දිශාව පැහැදිලි කෙරෙන බව එම වැඩමුළුවට එක්වූ විද්වතුන් ප්‍රකාශ කර ඇත. එමෙන්ම චීන ජාතික නවීන ශිෂ්ටාචාරය ගොඩනැගීම වෙනුවෙන් නව යුගයේ සංස්කෘතික මෙහෙවරෙහි වගකීම හා සංස්කෘතික විශ්වාසය ශක්තිමත් කරමින් සංස්කෘතික උරුම සංවර්ධනය කිරීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ වැදගත් අදහස් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු බව ඔවුහු ප්‍රකාශ ක‍ළහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම