සටන් විරාමයක් වෙනුවෙන් ඊජිප්තුව, කටාර් හා ඇමරිකාවෙන් ඒකාබද්ධ නිවේදනයක්
2024-06-02 16:46:20
Share with:

ඊශ්‍රායලය හා Hamas සංවිධානය සටන් විරාමයට එකඟ වීම වෙනුවෙන් ඊජිප්තුව, කටාර් හා ඇමරිකාව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරයි. ඊයේ (1) නිකුත් කළ එම නිවේදනයට අනුව ඇමරිකාව අලුතින් ඉදිරිපත් කළ යෝජනාව මත ගාසා තීරයේ සටන් විරාමයට එකඟ වන ලෙස ඊශ්‍රායලය හා Hamas සංවිධනයෙන් ඉල්ලා සිටී. විවිධ පාර්ශ්වයන්ගේ අවශ්‍යතාවන් මත අඛණ්ඩ සටන් විරාමයක් හා අර්බුදය අවසන් කිරීම වෙනුවෙන් මාර්ග සිතියමක් ද එම නිවේදනයෙන් ඉදිරිපත් කර තිබේ.

ඇමරිකා ජනාධිපති Joe Biden මහතා පසුගිය 31 වනදා ප්‍රකාශ කළේ ගාසා තීරයේ අඛණ්ඩ සටන් විරාමයක් ආරම්භ කිරීම හා රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් නිදහස් කිරීම තහවුරු කරමින් නව යෝජනාවක් ඉදිරිපත් කරන බවයි. Hamas සංවිධානය එයට ප්‍රතිචාර දක්වමින් එදින ප්‍රකාශ කළේ එම නව ‍යෝජනාව පිළිබඳ  විශේෂ අවධානයක්  යොමු කරන බවයි.

එමෙන්ම ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ(1) ප්‍රකාශ කළේ ඊශ්‍රායලය සටන් අවසන් කිරීමේ කොන්දේසි වෙනස් නොකරන බවයි. එනම්, Hamas සංවිධානයේ යුධ හා පාලන හැකියාව විනාශ කිරීම, රැඳවුම් භාරයේ සිටින පුද්ගලයන් නිදහස් කිරීම හා ගාසා තීරය තවදුරටත් ඊශ්‍රායලයට තර්ජනයක්ව නොපැවතීම ය. එම කොන්දේසි ඉටු නොවන්නේ නම් ඊශ්‍රායලය අඛණ්ඩ සටන් විරාමයට එකඟ නොවන බව ද අවධා‍රණය කර ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම