දකුණු චීන මුහුද සම්බන්ධව චීනයෙන් පිලිපීනයට ප්‍රශ්න මාලාවක්
2024-06-01 19:12:00
Share with:

දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනය පිලිපීනයෙන් ප්‍රශ්න කරයි. සිංගප්පූරුවේ Shangri-La හෝටලයේ ඊයේ (31) ආරම්භ වූ Shangri-La සංවාදයට එක්වෙමින් චීන හමුදා විද්‍යා ඇකඩමියේ හිටපු උපසභාපති හ ලේ ‍මහතා දකුණු චීන මුහුද පිළිබඳව දේශනයක් පවත්වා තිබේ. චීනය හා පිලිපීනය අතර දකුණු චීන මුහුද සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු පිළිබඳ අදහස් දක්වමින් ඔහු එහිදී පිලිපීනයට ප්‍රශ්න රැසක් ඉදිරිපත් කර ඇත.

“දකුණු චීන මුහුද පිළිබඳ ප්‍රශ්නයක් තිබියදී ඊට අදාළව පිළිපැදිය යුතු රෙගුලාසි කඩ කළේ කවුරුන් ද ?”,“දකුණු චීන මුහුද සම්බන්ධයෙන් චීනය හා පිලිපීනය අතර ගැටළු හා ආරවුල් මුලින් ම ඇති කළේ කවර පාර්ශ්වය ද ? ”,“දකුණු චීන මුහුද පිළිබඳ ප්‍රශ්නය විසඳීමේ දී පිලිපීනය ආසියාන් සංවිධානයෙන් බැහැරව බාහිර බලවේග සහභාගි කරවූයේ ඇයි ? ”,“ දකුණු චීන මුහුද පිළිබඳ ප්‍රශ්නය විසඳීම හා එම මුහුදු ප්‍රදේශයේ සාමය හා ස්ථාවරත්වය රැකගැනීම සඳහා ආසියාන් සංවිධානය වෙනුවට ඇමරිකාව වැනි බාහිර රටවල් මැදිහත් වීම සුදුසු ද ? ” යනා දී ප්‍රශ්න හ ලේ ‍මහතා එහිදී විමසා තිබේ.

දකුණු චීන මුහුද සම්බන්ධයෙන් දෙරට අතර මෙතෙක් ඇති වූ ආරවුල් හා ගැටළුවලට පිලිපීනය වග කිව යුතු බව ඔහු සිය දේශනයෙන් පෙන්වා දුන්නේ ය. ආසියාන් සංවිධාන සාමාජික රටවල් එකඟතාව පළ කළ ” දකුණු චීන මුහුදට අදාළ පාර්ශ්වයන්ගේ ක්‍රියා පිළිවෙත” නොතකා පිලිපීනය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල මඟපෙන්වීම් අනුව කටයුතු කළ බැවින් එම ගැටළු සහගත තත්ත්වය හටගෙන ඇතැයි ද ඔහු කියා සිටී. දකුණු චීන මුහුද පිළිබඳ ප්‍රශ්නය විසඳා ගත යුත්තේ ආසියාන් සංවිධාන සාමාජික රටවල් බවත්, බාහිර බලවේග එම ප්‍රශ්නය තවත් උග්‍ර වීමට ප්‍රමුඛ සාධකය බවත්, හ ලේ මහතා එහිදී අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම