මාලදිවයින නව කථානායක වෙත චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපතිවරයාගෙන් සුබ පැතුම්
2024-06-01 09:59:43
Share with:

මාලදිවයින නව කථානායක ධුරයට තේරී පත් වීම පිළිබඳ Abdul Raheem මහතා වෙත චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා පසුගිය 29 වනදා සුභපැතුම් පණිවුඩයක් යොමු කළේය.

චීනය හා මාලදිවයින අසල්වැසි මිත්‍රශීලි රටවල් බව Zhao Leji මහතා එම සුභපැතුම් පණිවුඩයේ සඳහන් කර ඇත. චීනය හා මාලදිවයින අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ගොඩනගා ගත් ගෙවී ගිය වසර 52 තුළ දෙරට ආරම්භයේ සිටම ගරු කිරීම හා සාධාරණ ලෙස සැලකීම මත කේන්ද්‍රීය ප්‍රතිලාභ හා ප්‍රධාන ප්‍රශ්නවල දී එකිනෙකාට සහාය දෙමින් සිටී. Abdul Raheem මහතා සමග දෙරටේ නායකයන්ගේ වැදගත් එකඟතාවන් ක්‍රියාවට නැංවීම හා සාම්ප්‍රදායික මිතුදම ප්‍රවර්ධනය කිරීමට Zhao Leji මහතා කැමැත්තෙන් සිටී. එමගින් චීන ජාතික මහජන කොංග්‍රසය හා මාලදිවයින පාර්ලිමේන්තුව අතර මිත්‍රශීලි හුවමාරු හා සහයෝගිතා ප්‍රවර්ධනය කිරීම හා දෙරටේ පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සහයෝගිතා ශක්තිමත් කිරීම හා පොදු ඉරණමක් සහිත චීන මාලදිවයින හවුල ගොඩනැගීම සිදු කළ හැකි බව Zhao Leji මහතා එම පණිවුඩයේ අවධාරණය කර ඇත. 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම