පලස්තීන ප්‍රශ්නය විසඳීම සඳහා චීනයේ ස්ථිර සහාය
2024-06-01 16:20:48
Share with:

ඊශ්‍රායලය අඛණ්ඩව ගාසා තීරයේ යුද මෙහෙයුම් ක්‍රියාවට නංවන අතරතුර, පසුගිය 30 වැනිදා චීනයේ බෙයිජිං අගනුවර පැවති චීන-අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ දී ‘පලස්තීන ප්‍රශ්නය පිළිබඳ චීන-අරාබි රාජ්‍ය ඒකාබද්ධ නිවේදනය’ නිකුත් කෙරිණ. ගාසා තීරයේ ගැටුම කඩිනමින් සමනය කිරීම හා පලස්තීන ප්‍රශ්නය සදාකාලික මෙන්ම සාධාරණ අයුරින් විසඳීමේ යුක්තිසහගත හඬ එයින් ඉස්මතු වී තිබේ.

ඊශ්‍රායලය පලස්තීන ජනතාවට අඛණ්ඩව සිදුකරන හිංසන, චීන-අරාබි රාජ්‍ය දෙපාර්ශ්වය එම නිවේදනය මගින් තරයේ හෙළාදැක ඇත. එසේම, අංගසම්පූර්ණ හා තිරසර සටන් විරාමයක් උදාකිරීම සඳහා බලසම්පන්න තීරණයක් ගන්නා ලෙස චීනය හා අරාබි රටවල් ආරක්ෂක මණ්ඩලයෙන් ඉල්ලා සිටී. පලස්තීන ජනතාව බලහත්කාරයෙන් සංක්‍රමණය කරවීම නතර කිරීමටත්, ගාසා තීරයේ සියලු ප්‍රදේශවලට සහනාධාර ප්‍රවාහනය කිරීමේ පහසුකම් සහතික කිරීමටත් පියවර ගන්නා ලෙස එම නිවේදනයෙන් ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති. පලස්තීන ප්‍රශ්නය විසඳීමට ඇති එකම ප්‍රායෝගික ක්‍රමවේදය වන්නේ “ද්විරාජ්‍ය විසඳුම” යි. එය ජගත් ප්‍රජාවේ පොදු එකඟතාවක් බවට ද පත්ව තිබේ.

මේ වනවිටත් පලස්තීනය හා ඊශ්‍රායලය අතර අඛණ්ඩ ගැටුම් පවතී. ජගත් ප්‍රජාව මීට ප්‍රායෝගිකව ප්‍රතිචාර දැක්විය යුතු ය. වගකීම්සහගත ප්‍රබල රටක් ලෙස චීනය මෙහිදී අරාබි රටවල් සමග ස්ථාවර ව රැඳී සිටිනු ඇත. එසේම, කොන්දේසි විරහිත සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම, පලස්තීන ප්‍රශ්නය කඩිනමින් සාධාරණව විසඳීම හා දිගුකාලීන ගැටුම්වලින් නිරන්තර පීඩාවට පත්වන මැදපෙරදිග කලාපයට සාමය උදාකර දීම සඳහා චීනය සාධාරණත්වය සහ යුක්තිය තිරසර ලෙස අනුගමනය කරනු ඇත.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම