ජනපති සහ තරුණ නියෝජිතයන් අතර හමුවක්
2024-06-01 15:02:50
Share with:

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මඟ සාර්ථක කර ගැනීමට නම් තරුණ සහභාගිත්වය අත්‍යවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියාසිටී. එමෙන්ම රටේ ඉදිරි ගමන වෙනුවෙන් තරුණ ප්‍රජාව ඵලදායීව දායක කර ගැනීම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබාගැනීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නංවන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ, ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධාන කරන තරුණ සහභාගිත්ව වැඩසටහනේ එක් අංගයක් ලෙස, තරුණ නියෝජිතයන් සමග පැවති හමුවට එක්වෙමිනි. එය “තරුණ කතිකාව – හෙට දවසේ ශ්‍රී ලාංකීය තරුණ නායකයන්”යන තේමාව යටතේ ජනාධිපති නිල නිවසේ දී 30 වැනිදා සවස පැවැත්විණ. රජය විසින් ක්‍රියාවට නංවා ඇති නව ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිසාධන ප්‍රයත්න ඇතුළු කරුණු රැසක් පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණ. තරුණ තරුණියන් මෙහිදී මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා අනාගත ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම වෙනුවෙන් මෙරට තරුණ ප්‍රජාව තුළ පවතින උද්‍යෝගය අගය කළේය.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම