චීන-ඇමරිකානු ආරක්ෂක අමාත්‍යවරුන් අතර හමුවක්
2024-05-31 14:40:22
Share with:

චීන ආරක්ෂක අමාත්‍ය Dong Jun මහතා, ඇමරිකානු ආරක්ෂක අමාත්‍ය Lloyd Austin මහතා හමුවෙයි. සිංගප්පූරුවේ පැවැත්වෙන ෂැංග්‍රි-ලා සංවාදය අතරතුර අද (31) මෙම හමුවීම සිදු විය. 

මෙම හමුවීම සම්බන්ධයෙන් චීන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක Wu Qian මහතා අද සිංගප්පූරුවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් අදාළ තොරතුරු විස්තර කළේය.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඇමරිකානු ජනාධිපතිවරයාගේ පොදු එකඟතා ක්‍රියාත්මක කරමින් දෙරටේ ආරක්ෂක අංශ අතර සබඳතාව විධිමත් හා ස්ථාවර සංවර්ධනයක් වෙත යොමු කිරීම, මෙම හමුවේ ප්‍රධාන අරමුණ බව හෙතෙම පැවසීය. චීන -ඇමරිකා දෙරටේ යුද හමුදා සබඳතාව, චීන තායිවාන ප්‍රශ්නය, දකුණු චීන මුහුදේ ප්‍රශ්නය, යුක්රේන අර්බුදය, පලස්තීන-ඊශ්‍රායල ගැටුම යන කරුණු කෙරෙහි දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු දෙපළ අදහස් හුවමාරු කරගත්හ. එය සක්‍රීය, ප්‍රායෝගික මෙන්ම ඵලදායී උපායමාර්ගික අදහස් හුවමාරු කර ගැනීමක් වූ බව ද Wu Qian මහතා එහිදී පවසා ඇත.  

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම