චීන-මැලේසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය වෙනුවෙන් දෙරටේ නායකයන්ගෙන් සුබ පැතුම්
2024-05-31 16:33:58
Share with:

චීන-මැලේසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය නිමිත්තෙන් අද (31) චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සහ මැලේසියාවේ උත්තරීතර නායක Ibrahim Sultan Iskandar සුල්තාන්වරයා  සුබ පැතුම් පණිවුඩ හුවමාරු කර ගත්හ.

චීනය හා මැලේසියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමෙන් පසු වසර 50ක කාලය තුළ දෙරට සෑම විටම අන්‍යෝන්‍ය වශයෙන් සහ අවංකව එක්ව අභියෝගයන්ට මුහුණ දෙමින් පොදු සංවර්ධනයක් වෙත ගමන් කළ බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත. දෙරටේ සබඳතාව ප්‍රාදේශීය රටවල් අතර පුමුඛ මට්ටමේ සබඳතාවකි. 

2023 වසරේ චීනය, චීන-මැලේසියා පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව සම්බන්ධයෙන් වැදගත් එකඟතාවකට එළඹ ඇත. වර්තමානය වනවිට දෙරටේ සබඳතාව නව ඓතිහාසික සංවර්ධන අදියරකට ද පිවිස ඇත. Ibrahim Sultan Iskandar සුල්තාන්වරයා සමග චීන-මැලේසියානු පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම අඛණ්ඩව ප්‍රවර්ධනය කරමින් නව ජයග්‍රහණ ලබා ගැනීම උදෙසා අවශ්‍ය උපදෙස් ලබා දීමට ෂී ජින් පිං මහතා කැමැත්තෙන් සිටී. වඩා යහපත්ව දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් ප්‍රාදේශීය සමෘද්ධිය හා ස්ථාවරත්වයට වඩා වැඩි දායකත්වයක් ලබා දෙමින්, චීන-මැලේසියානු සබඳතාවයේ ඉදිරි පනස් වසර ද පොදුවේ නිර්මාණය කිරීමට හැකි වනු ඇතැයි  හෙතෙම සඳහන් කර ඇත. 

මැලේසියා-චීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සමරන අවස්ථාවේදී, මැලේසියාව සෑම විටම චීනය සමග අත්වැල් බැඳ ගනිමින් පොදු සමෘද්ධිය සාක්ෂාත් කර දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ලබා දීමට සූදානම්ව සිටින බව Ibrahim Sultan Iskandar සුල්තාන්වරයා සිය සුබ පැතුම් පණිවුඩයෙන් ප්‍රකාශ කර ඇත.

මේ අතර,  අද(31) චීන අගමැති Li Qiang මහතා සහ මැලේසියානු අගමැතිවරයා ද සුබ පැතුම් පණිවුඩ හුවමාරු කර ගෙන ඇත.





ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම