චීන-ඇමරිකා ප්‍රාදේශීය දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ උසස් පෙළේ වැඩසටහනක්
2024-05-31 10:55:09
Share with:

චීන-ඇමරිකා ප්‍රාදේශීය දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ උසස් පෙළේ වැඩසටහනක් පැවැත්වේ.

එය, ඇමරිකාවේ California ප්‍රාන්තයේ Berkeley නගරයේ දී පසුගියදා (29)  පැවැත්විණ. චීන ජාතික සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුවේ උපඅධ්‍යක්ෂ Zhao Chenxin මහතා සහ දේශගුණික ප්‍රශ්නය පිළිබඳ ඇමරිකානු ජනාධිපතිවරයාගේ නියෝජ්‍ය විශේෂ නියෝජිත Rick Duke මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.

ඇමරිකාවේ චීන තානාපති Xie Feng, චීනයේ ඇමරිකා තානාපති R.Nicholas Burns, දේශගුණික විපර්යාස කටයුතු පිළිබඳ චීන විශේෂ නියෝජිත Liu Zhenmin සහ ජාත්‍යන්තර දේශගුණික ප්‍රතිපත්ති පිළිබඳ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක John Podesta යන මහත්වරු එහිදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ දේශන පැවැත්වූහ.

මෙම වැඩසටහනට සමගාමීව අඩු කාබන් සංවර්ධනය, හරිත පරිවර්තනය සහ තරුණ හුවමාරු යන අංශවල සහයෝගිතාවන් හි අත්පත්කර ගැනුණු ප්‍රගතීන් මාලාවක් ද චීන-ඇමරිකා දෙපාර්ශ්වය විසින් එළිදක්වනු ලැබීය. චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාව සහ කැලිෆෝනියා-චීන දේශගුණික විපර්යාස පර්යේෂණ ආයතනය ‘අන්තර් පැසිෆික් දේශගුණික සංවාදය’ වැඩසටහන් මාලාවේ දී සහයෝගයෙන් කටයුතු කිරීම එහි කැපීපෙනෙන සිදුවීමකි. අන්‍යෝන්‍ය අවබෝධය තහවුරු කිරීම, දේශගුණික විපර්යාසයට මුහුණ දීමේ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය සහ නවෝත්පාදන මගින් විසඳුම් සැපයීම එම වැඩසටහනේ ප්‍රමුඛ අරමුණු අතර විය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම