පොදු ඉරණමක් සහිත චීන අරාබි රටවල හවුල ගොඩනැගීම අඛණ්ඩව ඉදිරියට
2024-05-31 10:09:17
Share with:

දෙවැනි චීන අරාබි රාජ්‍ය ප්‍රධානීන්ගේ සමුළුව වසර 2026දී චීනයේ පැවැත්වෙනු ඇතැයි චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(30) බෙයිජිංහි පැවති චීන අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උ‍ළෙලට එක්වෙමින් ‍ප්‍රකාශ කළේය. මෙවර සමුළුවේ වැදගත් ම ප්‍රතිඵලය වන එය දෙපාර්ශ්වය අතර සම්බන්ධතාවයේ තවත් සංධිස්ථානයක් වනු ඇතැයි විශ්වාස කරන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා එහිදී පැවසීය. එමෙන්ම හෙතෙම එහිදී අනාගත චීන අරාබි රාජ්‍ය සබඳතාව සංවර්ධනය කිරීමේ දිශාව හා‘පංච සහයෝගතා ක්‍රමවේදයක්’ගොඩනැගීම ඉදිරිපත් කළේය. එම සමාරම්භක උත්සවයට එක් වූ එක්සත් අරාබි එමිර් රාජ්‍ය ජනාධිපති Mohammedbin Zayed al-Nahyan මහතා සමාජ මාධ්‍ය වේදිකාවක් තුළින් චීන භාෂාවෙන් ප්‍රකාශ කළේ අරාබි රටවල් හා චීනය අතර සබඳතාවට ඓතිහාසික අර්ථයක් ඇති බවයි.

චීන අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදය ගොඩනැගීමේ 20 වැනි සංවත්සරය මෙම වසරට යෙදී ඇත. ගෙවී ගිය වසර 20 තුළ ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුව ද චීන අරාබි ර‍ටවල් අතර සබඳතාව ස්ථීර ලෙස වර්ධනය වී තිබේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවල් අතර සහයෝගිතාවන්හී ආදර්ශයක් බවට පත්ව තිබේ. 2022 වසරේ දෙසැම්බර් මස පළමුවැනි චීන අරාබි රාජ්‍ය ප්‍රධානීන්ගේ සමුළුවේදී “නව යුගයට ගැළපෙන පොදු ඉරණමක් සහිත චීන අරාබි රටවල හවුලක් ගොඩනැගීම” ඉදිරිපත් කිරීමෙන් පසු චීන අරාබි රාජ්‍ය සහයෝගිතා අඛණ්ඩව වැඩි ප්‍රායෝගික ජයග්‍රහණ දිනා ගැනීමට සමත් විය. මේ වනවිට එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල අරාබි රටවල් 22ක් ආවරණය කරමින් දෙපාර්ශ්වයේ ජනතාව බිලියන 2ක පිරිසකට ප්‍රතිලාභ හිමිව ඇත.

චීනය හා අරාබි රටවල්, ලෝකයේ සාමය හා ස්ථාවරත්වය රැකගැනීම, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල අධික ගුණාත්මක භාවයෙන් යුතුව සංවර්ධනය කිරීම, වෙනස් ශිෂ්ටාචාර අතර යහ පැවැත්ම, නිවැරදි ගෝලීය පාලන ක්‍රමවේදයන් ගවේෂණය කිරීම පිළිබඳ මනා ආදර්ශ විය යුතු යැයි ෂී ජින්පිං මහතා පෙන්වා දී තිබේ. එම ඉලක්ක චීනය හා අරාබි රටවල් අතර සහයෝගිතාවේ ප්‍රායෝගික අවශ්‍යතාවන්ට ද ගැළපේ. පොදු ඉරණමක් සහිත චීන අරාබි රටවල හවුල ගොඩනැගීම සඳහා ඉන් වර්ධන දිශාව පැහැදිලි කර ඇත.

 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම