චීන ජනපතිගේ අදහස් ඇතුළත් ලිපියක් හෙට Qiushi සඟරාවේ පළ කෙරේ
2024-05-31 16:10:38
Share with:

නව නිෂ්පාදන ඵලදායිතාව ප්‍රවර්ධනය කිරීමේ දී සහ ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට යොමු වීමේ දී අත්‍යවශ්‍ය හා ප්‍රමුඛ අවධානයක් යොමු කළ යුතු කරුණු ඇතුළත් චීන ජනාධිපති   ෂී ජින් පිං මහතාගේ විශේෂ ලිපියක් හෙට (1) නිකුත් කෙරේ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින් පිං මහතාගේ අදහස් ඇතුළත් මෙම වැදගත් ලිපිය Qiushi සඟරාවේ 11වැනි කලාපයේ පළ කෙරෙනු ඇත.

නව යුගයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව වැදගත් තීරණ හා සැලසුම් මාලාවක් නිකුත් කර ඇත.ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට යොමු වීමේ දී, සමස්ත පක්ෂයේ හා සමාජයේ පොදු පිළිගැනීම ස්වයං මෙහෙයුම බවට පත් වී තිබේ. එමෙන්ම ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රධාන ප්‍රවණතාවක් වන බව ද එම ලිපියෙන් අවධාරණය කර ඇත. නමුත් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනයට බාධා කරන සාධකයන් විශාල ප්‍රමාණයක් පවතී. එයට විශේෂ අවධානයක් යොමු කොට එම ගැටලු ඵලදායී ලෙස විසඳා ගත යුතු බව ද එමගින් පෙන්වා දෙයි.

නව නිෂ්පාදන ඵලදායිතාවයේ කැපීපෙනෙන ලක්‍ෂණය නවෝත්පාදනයයි. එයට තාක්ෂණ හා ව්‍යාපාර ආදර්ශ මට්ටම්වල නවෝත්පාදන මෙන්ම පරිපාලන හා පද්ධතිමය නවෝත්පාදන ද ඇතුළත් ය.

නවෝත්පාදන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා නව නිෂ්පාදන ඵලදායිතාව සංවර්ධනය කඩිනම් කළ යුතු ය. පළමුව, තාක්ෂණ නවෝත්පාදන ප්‍රවර්ධනය ශක්තිමත් කළ යුතුය. දෙවනුව, තාක්ෂණ නවෝත්පාදනය මගින් කර්මාන්ත නවෝත්පාදනය ප්‍රවර්ධනය කළ යුතුය. තුන්වන පියවර ලෙස, සංවර්ධන ක්‍රමයේ නවෝත්පාදනය තහවුරු කළ යුතුය. සිව්වැන්න ලෙස ආයතනික නවෝත්පාදනය ඵලදායීව ඉදිරියට ගෙන යා යුතුය. අවසන් පියවර ලෙස, නිපුණතාවන් සම්බන්ධ යාන්ත්‍රණයේ නවෝත්පාදනය ශක්තිමත් කළ යුතු බව ද ෂී ජින් පිං මහතාගේ එම ලිපියෙන් පෙන්වා දෙයි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම