“චීනය සහ ලෝකය: සහයෝගතාව, අභියෝග, පොදු ජයග්‍රහණ” නමැති සම්මන්ත්‍රණ ක්‍රියාකාරකම බෙයිජිංහිදී පැවැත්වේ
2024-05-31 10:48:03
Share with:

චීන මාධ්‍ය සමූහය සහ චීනයේ Renmin විශ්වවිද්‍යාලය ඒකාබද්ධව “චීනය සහ ලෝකය: සහයෝගතාව, අභියෝග, පොදු ජයග්‍රහණ” නමැති සම්මන්ත්‍රණ ක්‍රියාකාරකම පවත්වයි. රටේ ජාත්‍යන්තර සන්නිවේදන ධාරිතාව ශක්තිමත් කිරීම පිළිබඳ ජනාධිපති ෂී ජින් පිං මහතාගේ වැදගත් දේශනය නිකුත් කිරීමේ තුන්වන සංවත්සරය වෙනුවෙන් එම ක්‍රියාකාරකම ඊයේ (30) බෙයිජිං නුවරදී පැවැත්විණ.

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම ක්‍රියාකාරකමට වීඩි‍යෝ ආකාරයෙන් දේශනයක් කළේය.

චීන මාධ්‍ය සමූහය ස්ථාපිත කර ගතවූ වසර 6 ක් තුළ තම සමූහ‍යේ ජාත්‍යන්තර සන්නිවේදන ධාරිතාව අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව Shen Haixiong මහතා පැවසීය. සමූහය නිර්මාණය කරන “දිශානතිය” නමැති විශේෂ වැඩසටහන සහ දත්ත ඇසුරින් වීඩියෝ නිමැවීමේ AI තාක්ෂණයෙන් නිෂ්පාදිත චීනයේ ප්‍රථම කාටූන නිර්මාණය වන “වසර දහස් ගණනක කවි අසිරිය”ඇතුළු උසස් තත්ත්වයේ වැඩසටහන් පුළුල් ලෙස පැසසුමට ලක්ව ඇති බව ද ඔහු කීය.

මෑත වසරවල චීන මාධ්‍ය සමූහය “මාධ්‍ය රාජ්‍යතාන්ත්‍රිකත්වය” ක්‍රියාත්මක කිරීමෙන් “ගෝලීය මාධ්‍ය හවුල්කරුවන්” වැනි ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගතා යාන්ත්‍රණ මාලාවක් නිර්මාණය කර ඇති බව ද Shen Haixiong මහතා සඳහන් කළේය.

නව යුගයේ ජාත්‍යන්තර සන්නිවේදන පර්යේෂණ ආයතනය සම්පාදනය කරන “ චීනය සහ ලෝකය: සහයෝගතාව, අභියෝග, පොදු ජයග්‍රහණ” නමැති ගෝලීය මත විමසුම නිල් පත්‍රිකාව එළිදැක්වීම ද එම අවස්ථාවේදී සිදු විය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම