
ඉහළ මට්ටමේ උපායමාර්ගික සම්බන්ධීකරණය තුළින් ගෝලීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දීම සහ දෙරටේම ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ගෙන ඒමට චීනය රුසියාව සමග එක්ව කටයුතු කරන බව චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා පවසයි.
දෙරටේ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ(30) පැවති බුද්ධිමණ්ඩල සංවාදයේ දී වීඩියෝ ආකාරයෙන් දේශනයක් සිදු කරමින් හෙතෙම මේ බව පැවසීය.
වර්තමාන ගෝලීය තත්ත්වය කැළඹිලි සහගත වන අතර ශතවර්ෂයකින් නොදුටු ලෙස වේගවත් වෙනස්කම් අත්විඳිමින් සිටී. ඒ වෙනුවෙන් වගකීම් භාර ගැනීමට ලෝකයට ප්‍රධාන බලවතුන් අවශ්‍ය වන බවත්, චීන-රුසියා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වී ඇති බවත් Wang Yi මහතා පැවසීය.
චීනය සිය අතීත ජයග්‍රහණ මත සිය මූලික අරමුණ වෙනුවෙන් කැපවී සිටින අතර, රුසියාව සමග සහයෝගයෙන් ඉදිරියටත් කටයුතු කරනු ඇත. දෙපාර්ශ්වයම අන්‍යෝන්‍ය සහයෝගය තුළින් පොදු සංවර්ධනයක් සහ පුනර්ජීවනයක් අපේක්ෂා කරයි. එමෙන්ම විවිධ හුවමාරු සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් මහජන සහයෝගය ද ශක්තිමත් කළ යුතුය. දෙපාර්ශ්වයම වඩාත් කැපවීමෙන් ගෝලීය පාලනය සඳහා නායකත්වය ලබා දිය යුතු අතර සාධාරණ ප්‍රවේශයකින් ජාත්‍යන්තර කටයුතුවලට ද සම්බන්ධ විය යුතු බව Wang Yi මහතා ප්‍රකාශ කර ඇත.