ජාත්‍යන්තර ළමා දිනය නි‍මිත්තෙන් චීන මාධ්‍ය සමූහයෙන් විශේෂ වැඩසටහන මාලාවක්
2024-05-31 21:47:07
Share with:

ජුනි මස පළමුවන දා ජාත්‍යන්තර ළමා දිනය නි‍මිත්තෙන් විශේෂ වැඩසටහන මාලාවක් චීන මාධ්‍ය සමූහය දියත් කරයි.

ජුනි මස පළමුවන දිනට යෙදෙන ජාත්‍යන්තර ළමා දිනය නි‍මිත්තෙන් චීන මාධ්‍ය සමූහය අද(31) බෙයිජිං හිදී පැය 48ක විශේෂ වැඩසටහන මාලාවක් ආරම්භ කර ඇත. එමෙන්ම චීන පුරා ප්‍රාථමික පාසල් 25 ක් වෙත “චීන මාධ්‍ය සමූහයේ පාසල් ගුවන් විදුලි සේවා මධ්‍යස්ථාන ”පිරිනමා ඇත. 

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තරුණ සංගමයේ මහ ලේකම් කාර්යාලයේ පළමු ලේකම්, සමස්ත චීනයේ ළමා කටයුතු කමිටුවේ අධ්‍යක්ෂ A Dong මහතා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දෙපාර්තමේන්තුවේ උප ප්‍රධානී, චීන මාධ්‍ය  සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එම වැඩසටහන දියත් කිරීමේ උත්සවයට එක්වූහ.

එමෙන්ම හෙට(01) දිනයේ ජාත්‍යන්තර ළමා දිනය නි‍මිත්තෙන් චීන මාධ්‍ය සමූහයට අයත් ළමා නාලිකාව ප්‍රථම වරට පැය 48ක් අඛණ්ඩව විශේෂ වැඩසටහන් විකාශය කරනු ඇත. නව වැඩසටහන ඉදිරිපත් කරන්නන් 8 දෙනෙකුගෙන් සමන්විත අතර ඔවුන් අදාළ වැඩසටහන හඳුන්වා දෙමින් දරුවන් සමග ළමා දිනය සැමරීමට සූදානමින් සිටී.

චීන මාධ්‍ය සමූහයේ අදාළ අංශවල ප්‍රධානීන්, චීනයේ ටියැයිජිං නගරය හා Gansu පළාත යන ප්‍රදේශවල ප්‍රචාරක දෙපාර්තමේන්තු ප්‍රධානීන්, උතුරු රංග කලා සමූහය, Chimelong සමූහය වැනි  චීන ව්‍යවසායන් හි නියෝජිතයෝ ද මෙම වැඩසටහනට සහභාගි වූහ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම