චීනය සමග සහයෝගීත්වයෙන් නිකුත් කෙරුණු "Paksat MM1"චන්ද්‍රිකාව පාකිස්ථානයේ ආර්ථික වර්ධනයට උත්තේජනයක් ගෙන දෙනු ඇති බව එරට අගමැති කියයි
2024-05-31 09:26:29
Share with:

චීනය සමග සහයෝගීත්වයෙන් නිකුත් කෙරුණු තම රටේ  "Paksat MM1"චන්ද්‍රිකාව පාකිස්ථානයේ සම්බන්ධතාව හා ආර්ථික වර්ධනයට උත්තේජනයක් ගෙන දෙනු ඇති බව එරට අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරිෆ් මහතා පවසයි. සමස්ත රටම චන්ද්‍රිකාව නිකුත් කිරීමේ මොහොතේ උද්දාමයට පත්වූ බවත් එය රටේ අභ්‍යාවකාශ හා සංනිවේදන හැකියාවන්හී සුවිශේෂී ඉදිරි පියවරක් බවත් හෙතෙම කියා සිටී.චන්ද්‍රිකාව චීනයේ ෂීචෙන්ග් චන්ද්‍රිකා නිකුත් කිරීමේ මධ්‍යස්ථානයෙන් නිකුත් කිරීම දෙරට අතර ශක්තිමත් සහයෝගීත්වයේ පිළිබිඹුවක් ලෙසට හෙතෙම හැඳින්වීය. එවැනි සහයෝගතාවන් මගින් තාක්ෂණයේ බලය ජනතාවගේ ප්‍රතිලාභයන් වෙනුවෙන් යොදා ගැනීමට හැකි බව ද හෙතෙම පෙන්වා දුන්නේය. චන්ද්‍රිකාව අදාළ කක්ෂයට සාර්ථකව ප්‍රවේශ වී ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම