චීන-ටියුනීසියා ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරේ
2024-05-31 17:20:16
Share with:

චීනය හා ටියුනීසියාව උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ස්ථාපිත කිරීමේ ඒකාබද්ධ නිවේදනය නිකුත් කරයි.

චීන-ටියුනීසියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවන්හි 60වැනි සංවත්සරය නිමිත්තෙන් ටියුනීසියානු ජනාධිපති Kais Saied මහතා චීනයේ සංචාරයක නිරත වූ බව එම ඒකාබද්ධ නිවේදනයේ පළමුව සඳහන් කර ඇත. චීන-ටියුනීසියානු ජනාධිපතිවරු සුහද සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු විවිධ කරුණු පිළිබඳව පුළුල් අන්දමින් අදහස් හුවමාරු කරගත්හ. දෙරට අතර උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතාව ස්ථාපිත කිරීමට එම නායක දෙපළ එහිදී එකඟ වී ඇත. එකිනෙකාගේ පොදු යහපතට අදාළ වන හා සැලකිල්ලට යොමුවන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් චීනය හා ටියුනීසියාව අඛණ්ඩව අන්‍යෝන්‍ය සහාය ලබා දෙන බව එම ඒකාබද්ධ නිවේදනයෙන් පෙන්වා දෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම පිළිගෙන ඇති ටියුනීසියාව, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය සමග එක්ව වඩාත් සහයෝගයෙන් කටයුතු කරනු ඇත. චීනය ටියුනීසියාවේ ආර්ථික හා සමාජයීය සංවර්ධනයට පෙර සේ ම සහාය ලබා දෙනු ඇත. එමෙන් ම යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික හා වෙළඳ ආයෝජනය, පුනර්ජනනීය බලශක්ති, උසස් අධ්‍යාපනය, සංචාරක ඇතුළු ක්ෂේත්‍රවල චීනය හා ටියුනීසියාව තවදුරටත් සහයෝගිතාව ශක්තිමත් කරනු ඇත. කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවලදී චීනය හා ටියුනීසියාව එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික කරගත් ජගත් පද්ධතිය, ජාත්‍යන්තර නීති පදනම් වන ජගත් ක්‍රියාපටිපාටිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පදනම් වන ජාත්‍යන්තර සම්බන්ධතා පිළිවෙත් ආරක්ෂා කරන බව ද එම ඒකාබද්ධ නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම