චීන ජනපති හා ටියුනීසියානු ජනපති අතර සාකච්ඡා
2024-05-31 11:59:10
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයකට පැමිණ සිටින ටියුනීසියානු ජනාධිපති Kais Saied මහතා සමග සාකච්ඡාවක් පවත්වයි. එම සාකච්ඡාව අද(31) පෙරවරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ දී ‍ පැවැත්විණ. 

ජනාධිපති Kais Saied මහතා චීනයේ නිල සංචාරයක නිරත වෙමින් චීන අරාබි රාජ්‍ය සහයෝගතා සංසදයේ 10වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උළෙලට එක්වීම පිළි ගන්නා බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය. Kais Saied මහතා ජනපති ධුරයට පත්වීමෙන් පසු සිදු කරන ප්‍රථම චීන සංචාරය මෙය වන අතර වසර 2022 චීන අරාබි රටවල ප්‍රධානීන්ගේ සමුළුවෙන් අනතුරුව යළි හමු වූ අවස්ථාව ද මෙය බව ද ඔහු කීය. මෙම සංචාරය චීන ටියුනීසියානු සම්බන්ධතාවය හා චීන අරාබි රාජ්‍ය සහයෝගතාවය වෙනුවෙන් නව ගාමක බලය එකතු කරනු ඇතැයි විශ්වාස කරන බව හෙතෙම සඳහන් කරයි. 

 චීනය හා ටියුනීසියාව අතර රාජ්‍යතාන්‍ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 60වැනි සංවත්සරය මෙම වසරට යෙදී තිබේ. ගෙවී ගිය දශක හය තුළ ජාත්‍යන්තර තත්ත්වය කෙසේ වෙනස් වුවද දෙපාර්ශ්වය හැමවිටම එකිනෙකාට ගරු කරමින් සමානාත්මතාවයෙන් යුතුව ඇසුරු කරමින් අන්‍යෝන්‍ය වශයෙන් සහාය වී තිබේ. සංවර්ධනය වෙමින් පවතින රටවල් අසීරුතා හමුවේ එකිනෙකාට සහාය ලබාදීමේ සංවේදී කතන්දර දෙරට හුවමාරු තුළින් නිර්මාණය විය. නව යුගයේ ටියුනීසියාව සමග එක්ව සාම්ප්‍රදායික මිත්‍රත්වය උරුම කර ගෙන විවිධ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගතා පුළුල් කරමින් දෙරට සම්බන්ධතාවය නව තලයකට නංවාලීමට උත්සාහ කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.

චීන ටියුනීසියානු උපායමාර්ගික හවුල්කාරිත්වය ගොඩනගන බවට ජනාධිපති Kais Saied මහතා සමග එක්ව ප්‍රකාශ කිරීම, දෙරට සම්බන්ධතාවයේ වඩාත් සුන්දර අනාගතයක් බිහි කිරීම සඳහා ප්‍රවේශයක් සලසා දෙනු ඇතැයි චීන ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම ඓතිහාසික හමුවට එක්වීමට ලැබීම සතුටක් බව ටියුනීසියා ජනාධිපතිවරයා එහිදී පවසා ඇත. චීනය හා ටියුනීසියාව අතර සමීප සම්බන්ධතාවක් පවතී. දෙරටම සමාන මූලධර්ම හා අභිලාෂ මත, සමාන ඉලක්ක හා පරමාදර්ශ උදෙසා ක්‍රියා කිරීම ද විශේෂත්වයකි. එනම් සමස්ත මානව වර්ගයාගේ පොදු අපේක්ෂාව ‍ වෙනුවෙන් ප්‍රයත්න දැරීම දෙරටේම ක්‍රියාමාර්ගය බව ද ටියුනීසියා ජනාධිපතිවරයා කියා සිටියේය.

එකම චීනය මූලධර්මයෙහි ස්ථිරව එල්බ සිටින ටියුනීසියාව, රටේ එක්සත්භාවය හා කේන්ද්‍රීය ප්‍රතිලාභ ආරක්ෂාව සඳහා චීනය දරන උත්සාහයන්ට දැඩි ලෙස අනුබල දක්වන බව ඔහු පැවසීය.

සාකච්ඡාවෙන් අනතුරුව, හරිත අඩු-කාබන් සංවර්ධනය, ආයෝජනය යනාදී ක්ෂේත්‍ර පිළිබඳ ද්විපාර්ශ්වීය සහයෝගතා ලිපිලේඛන රැසක් අත්සන් තැබීම නායක දෙපළ ඉදිරියේ සිදු විය.

එහිදී ‘චීන මහජන සමූහාණ්ඩුව හා ටියුනීසියානු ජනරජය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය ගොඩනැගීම පිළිබඳ ඒකාබද්ධ නිවේදනය’ නිකුත් කෙරිණ.

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම