චීනය හා බහරේනය අතර ඒකාබද්ධ නිවේදනය නිකුත් කෙරේ
2024-05-31 19:59:46
Share with:

චීනය හා බහරේනය විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ස්ථාපිත කිරීමේ ඒකාබද්ධ නිවේදනය නිකුත් කරයි.

චීනය හා බහ‍රේනය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කර වසර 35ක් ගත වී තිබේ. එම කාලයේ ද්විපාර්ශ්වික සම්බන්ධතා විධිමත් ලෙස වර්ධනය වී ඇති බවත්, විස්තීර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව ස්ථාපිත කිරීමට දෙරට එකඟ වී ඇති බවත්, එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් කරයි. එකිනෙකාගේ පොදු යහපතට අදාළ වන හා සැලකිල්ලට යොමු වන ප්‍රධාන කරුණු සම්බන්ධයෙන් චීනය හා බහ‍රේනය අඛණ්ඩව අන්‍යෝන්‍ය සහාය ලබා දෙයි. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම පිළිගෙන ඇති බහරේනය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය සමග එක්ව වඩාත් සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

යටිතල පහසුකම් සංවර්ධනය, ආර්ථික හා වෙළඳ ආයෝජනය, පුනර්ජනනීය බලශක්ති, අධි විද්‍යා තාක්ෂණය, කෘෂිකාර්මික හා ධීවර කටයුතු, සෞඛ්‍යය , උසස් අධ්‍යාපනය, සංචාරක ඇතුළු ක්ෂේත්‍රවල චීනය හා බහරේනය තවදුරටත් සහයෝගිතාව ශක්තිමත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.

එමෙන්ම සැබෑ බහුපාර්ශ්වවාදයේ එල්බ සිටීමේ වැදගත්කම එම ඒකාබද්ධ නිවේදනයෙන් අවධාරණය කරයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික කරගත් ජගත් පද්ධතිය, ජාත්‍යන්තර නීති පදනම් වන ජගත් ක්‍රියාපටිපාටිය සහ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය පදනම් වන ජාත්‍යන්තර සම්බන්ධතා පිළිවෙත් ආරක්ෂා කරන බව චීනය හා බහරේනය ඒකාබද්ධ නිවේදනය මගින් ප්‍රකාශ කරයි. කලාපීය කටයුතු පිළිබඳව සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් කලාපීය සාමය, සංවර්ධනය වෙනුවෙන් පොදුවේ ප්‍රයත්න දරන බව ද එම ඒකාබද්ධ නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම