ට්‍රම්ප් සියලු චෝදනාවලට වරදකරු වෙයි
2024-05-31 11:11:56
Share with:

ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එල්ල වී තිබූ සියලු මූල්‍ය චෝදනාවන්ට ඔහු වරදකරු බව නිව් යෝර්ක් හි ජූරි සභාවක් ඊයේ(30) තීන්දු කළේය. 

නිළියක සමග 2016 වසරේ ජනාධිපතිවරණයට පෙර පැවති සබඳතාව වසන් කිරීමට ඇය වෙත ඇමරිකානු ඩොලර් 130,000 ක මුදලක් ගෙවීමට උත්සාහ කිරීම සහ එහි දී අදාළ  වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ අපරාධ චෝදනා 34 කට ට්‍රම්ප් වැරදිකරු වී තිබේ.

ඇමරිකානු ඉතිහාසයේ අපරාධයකට වරදකරු වූ පළමු හිටපු ජනාධිපතිවරයා බවට ට්‍රම්ප් පත්විය.

2024 මහ මැතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ නිර්දේශිත ජනාධිපති අපේක්ෂකයා ද වන ට්‍රම්ප්ට තවත් අපරාධ චෝදනා තුනකට මුහුණ දීමට සිදු වනු ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම