ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් රට පුරා සිටින සියලුම දරුවන්ට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-05-31 17:35:20
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් රට පුරා සිටින සියලුම දරුවන්ට සුබ පැතුම් එක් කරයි. Sichuan පළාතේ Zhijiang ප්‍රාථමික පාසලේ සිසුන්ගේ ලිපියකට පිළිතුරු යොමු කරමින්, ඔවුන්‍ට මෙන්ම රටේ සමස්ත දරුවන්ට ෂී ජින් පිං මහතා සුබ පැතුම් එක් කර ඇත.

ෂී ජින් පිං මහතා ‍එහිදී පෙන්වා දුන්නේ, උපන් ගම හොඳින් ගොඩනැගීමට මෙන්ම, රට ද නවීන හා බලවත් සමාජවාදී රටක් ලෙස ගොඩනැගීමට, නව පරම්පරාව වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බවයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන් උසස් අභිලාෂයන්  ඇති කර ගනිමින්, යහපත් කාලයට ආදරය කරමින්, පක්ෂයට හා රටට ආදරය කරන නව යුගයේ යහපත් තරුණයින් වීමට උත්සාහ ගනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම පැවසීය. එමෙන්ම ශක්තිමත් රටක් ගොඩනැගීම සහ ජාතික පුනර්ජීවනය උදෙසා, මහඟු වගකීමක් භාර ගත හැකි තරුණයින් ලෙස කටයුතු කරන්නැයි ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කර ඇත.

Zhijiang ප්‍රාථමික පාසල යනු Sichuan පළාතේ කඳුකර ප්‍රදේශයක පිහිටි ප්‍රාථමික පාසලකි. 2004 වසරේ, Zhejiang පළාතේ එවකට ලේකම්වරයා වූ ෂී ජින් පිං මහතාගේ සහාය ඇතිව පාසල වෙනත් ස්ථානයකට ගෙන ගොස්, එම වසරේම මැයි මාසයේදී නව පාසල සඳහා අඩිතාලම දැමීය. Zhijiang ප්‍රාථමික පාසලේ සිසුහු මෑතකදී ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමු කළහ. එම ලිපියේ ඔවුන්ගේ අධ්‍යයන කටයුතු සහ ජීවන තත්ත්වය පිළිබඳ සඳහන් කර ඇති අතර, නව යුගයේ යහපත් ළමයින් වීමට ඇති අධිෂ්ඨානය සහ කෘතඥතාව ද ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම