චීන ජනාධිපතිවරයා හා බහරේන් රජු අතර සාකච්ඡාවක්
2024-05-31 17:37:20
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීනයේ නිල සංචාරයක නිරත බහරේනයේ Sheikh Hamad Bin Isa al-Khalifa රජු සමග අද(31) බෙයිජිං හි  මහජන මහ ශාලාවේ දී සාකච්ඡාවක් පවත්වයි. 

චීන-අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උත්සවයට  එක්වන  Sheikh Hamad Bin Isa al-Khalifa රජු පිළිගන්නා බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.

බහරේන් රජය 33 වන අරාබි ලීගයේ නායකයන්ගේ කමිටුව සාර්ථකව පැවැත්වීම සහ එහි වාරික සභාපති ධූරය භාර ගැනීම සම්බන්ධයෙන් Sheikh Hamad Bin Isa al-Khalifa රජුට ද ෂී ජින් පිං මහතා එහිදී සුබ පැතුම් පිරිනමා ඇත. අරාබි රටවල ස්වාධීනත්වය තහවුරු කිරීම, සමගිය හා සහයෝගිතාව ශක්තිමත් කිරීම මෙන්ම සංවර්ධන පුනර්ජීවනය වෙනුවෙන් බහරේනය වඩා වැඩි දායක්‍ත්වයක් ලබා දෙනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය.

චීන -බහරේන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 35 වන සංවත්සරය මේ වසර‍ට යෙදේ. එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් චීන-බහරේන සබඳතාව පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව දක්වා ඉහළ නංවා ගැනීමට දෙපාර්ශ්වය එකඟ වූහ. බහරේනය සමග එක්ව චීන-බහරේන සබඳතාව පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සබඳතාව දක්වා ගොඩනැගීමෙන් දෙරටේ ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ෂී ජින් පිං මහතා එහිදී සඳහන් කර ඇත.

බහරේනයේ ස්වාධිපත්‍යය ,ආරක්ෂාව හා ස්ථාවරත්වය සුරක්ෂිත කිරීමට මෙන්ම ස්වාධින ව සංවර්ධනය කිරීමේ මාර්ගය ක්‍රියාත්මක කිරීමට චීනය සහාය දෙන බව ෂී ජින් පිං මහතා පැවසීය. එමෙන්ම බහරේනයේ 2030 ආර්ථීක සංවර්ධන ඉදිරි දැක්ම හා විවිධාංගීකරණ සංවර්ධන උපායමාර්ගයට චීනය සිය දායකත්වය ලබා දෙනු ඇත. බහරේනය සමග එක්ව බලශක්ති සම්පත්, ආයෝජන, ගමනා ගමනය ,නව බලශක්ති සම්පත්, ඩිජිටල් ආර්ථීක යන ක්ෂේත්‍ර වල සහයෝගිතා තහවුරු කරමින් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල පොදුවේ ගොඩනගමින් වඩා වැඩි ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා ප්‍රකාශ කළේය.

 එකම චීනය මූලධර්මය අනුගමනය කරන බහරේනය චීනය සාමකාමීව එක්සත් කිරීමට සිය සහාය ලබා දෙයි. චීනය සමග එක්ව  ගල්ෆ් රටවල සහයෝගිතා සංගම්-චීන නිදහස් වෙළඳ ගිවිසුම කඩිනමින් ආරම්භ කිරීම සඳහා ද උත්සාහ කරනු ඇත. අරාබි-චීන මිත්‍රත්වය ප්‍රවර්ධනය කර නව යුගය උදෙසා අරාබි -චීන පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීමට බහරේනය අපේක්ෂා කරන බව ද Sheikh Hamad Bin Isa al-Khalifa රජු පැවසීය.

සාකච්ඡාවෙන් පසු දෙරටේ නායකයන් දෙපළ ඉදිරියේ, දෙරටේ ආයෝජන , හරිත අඩු කාබන්, ඊ වාණිජ්‍ය සහ ඩිජිටල් ආර්ථිකය යන ක්ෂේත්‍රවලට අදාළව ද්විපාර්ශ්වික සහයෝගිතා ගිවිසුම් ලේඛනයන්ට ද අත්සන් තැබිණ.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම