චීන ජනපති චීන අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උ‍ළෙලට එක් වේ
2024-05-30 09:57:42
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද(30) පෙරවරුවේ බෙයිජිංහි පැවති  චීන අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ සමාරම්භක උ‍ළෙලට එක්වෙමින් ‍ප්‍රධාන දේශනය සිදු කළේය.

අරාබි රටවල් සමග එක්ව අන්‍යෝන්‍ය සහාය යටතේ චීන-අරාබි රාජ්‍ය සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමේ ආදර්ශයක් ලෙසට සංවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවක් බව ෂී ජින්පිං මහතා එහිදී ප්‍රකාශ කළේය. වත්මන් ලෝකයේ පවතින විවිධ නොසන්සුන්තා හමුවේ එකිනෙකාට ගරුකිරීම, සාමකාමී යහපැවැත්මේ නිවැරදි මාර්ගය ලෙසත්,  යුක්තිය හා සාධාරණත්වය තිරසර ආරක්ෂාවේ පදනම ලෙසත් සැලකිය යුතු බව ඔහු පෙන්වා දී තිබේ. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පරමාදර්ශය හා මූලධර්මයන්ට මෙන්ම විවිධ රටවල ජනතාවගේ ස්වයං තෝරා ගැනීම් හා ඓතිහාසික සත්‍යයන්ට ගරු කරමින්, උග්‍ර වී ඇති ප්‍රශ්නවලට, යුක්තිය හා සාධාරණත්වයට හිතකර මෙන්ම තිරසර සුරක්ෂිතතාව සහ නිසි පාලනය සාක්ෂාත් වන විසඳුම් සොයා ගැනීම සඳහා අරාබි රටවල් සමග එක්ව ප්‍රයත්න දැරීමට චීනය සූදානම් බව ද ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

පොදු ඉරණමක් සහිත චීන-අරාබි රටවල් ප්‍රජාවේ සංවර්ධනය කඩිනම් කිරීම සඳහා අරාබි රාජ්‍යයන් සමග ‘පංච සහයෝගතා ක්‍රමවේදයක්’ ගොඩනැගීමට චීනය සූදානම් වේ.  එනම්, ප්‍රාණවත්භාවයෙන් සපිරි නවෝත්පාදනයෙන් මෙහෙයවන ක්‍රමවේදයක්, වඩාත් විශාල පරිමාණයේ ආයෝජන හා මුල්‍ය සේවා  ක්‍රමවේදයක්, වඩාත් විවිධත්වයන් සහිත බලශක්ති සහයෝගතා ක්‍රමවේදයක්, වඩාත් සමබර ආර්ථික වෙළඳ අන්‍යෝන්‍ය ප්‍රතිලාභී ක්‍රමවේදයක්, වඩාත් පුළුල් මානව හා සංස්කෘතික හුවාමරු ක්‍රමවේදයකි.

 ප්‍රථම චීන අරාබි රාජ්‍ය ප්‍රධානීන්ගේ සමුළුවේදී එළඹි එකඟතාවන් ක්‍රියාවට නංවීමේ තත්ත්වය පිළිබඳව චීන පාර්ශ්වය තෘප්තිමත් වේ. එම සමුළුවේ උපායමාර්ගික මෙහෙයුම් කාර්යභාරය මනාව ඉටු කරමින් ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ කඩිනම් මෙන්ම පුළුල් සංවර්ධනය අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට චීනය බලාපොරොත්තු වේ. දෙවැනි චීන අරාබි රාජ්‍ය ප්‍රධානීන්ගේ සමුළුව වසර 2026යේ චීනයේ පැවැත්වීමට නියමිතය. එය දෙපාර්ශ්වය අතර සම්බන්ධතාවයේ තවත් සංධිස්ථානයක් වනු ඇතැයි විශ්වාස කරන බව ෂී ජින්පිං ජනාධිපතිවරයා සිය දේශනයෙන් ප්‍රකාශ කළේය.

 යුද්ධය තවදුරටත් සීමාවකින් තොරව සිදු වීමටත් යුක්තිය අහෝසි වී යාමටත් ඉඩ නොදිය යුතු බව සඳහන් කළ ෂී ජින්පිං මහතා ‘ද්වී රාජ්‍ය විසඳුම’ නොසැලී ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර ඇත. වසර 1967තේ දේශසීමාව පදනම් ව නැගෙනහිර ජෙරුසලම් අගනගරය කර ගනිමින් පූර්ණ ස්වාධීනත්වය හිමි පලස්තීන රාජ්‍යයක් ස්ථාපිත කිරීමට චීනයේ ස්ථිර සහාය හිමි වේ. පලස්තීනයට එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය ලබා ගැනීමට අනුබල දෙමින් වඩාත් විශාල, ඉහළ අධිකාරී බලයක් ඇති, වඩාත් ඵලදායික ජාත්‍යන්තර සාම සාකච්ඡා පැවැත්වීමට චීනය සහාය දෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.


ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම