සුඩානයේ ළමුන් මිලියන 13.6කට මානුෂීය ආධාර අවශ්‍යයි- එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල
2024-05-30 10:25:19
Share with:

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ඊයේ(29) නිකුත් කළ වාර්තාවකට අනුව, සුඩානයේ පවතින සන්නද්ධ ගැටුම් හේතුවෙන් සුඩාන ජනතාව සාගතයේ සහ මරණයේ අවදානමට ලක්ව සිටී. මේ වන විට සුඩානයේ ළමුන් මිලියන 13.6 කට මානුෂීය ආධාර හදිසි අවශ්‍යතාවයක් පවතී.

ගැටුම් ආරම්භ වී වසරකට පසු, බොහෝ පාසල් වසා ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි. ආරක්ෂක අවදානම්, ගුරු හිඟ වැටුප්, පාසල් නවාතැන් බවට පත්වීම, ඉගැන්වීම් උපකරණ නොමැතිකම සහ වෙනත් සාධක හේතුවෙන් බොහෝ පාසල් ඉගෙනීම් කටයුතු සඳහා නැවත ආරම්භ කිරීම දුෂ්කර වී ඇත.

සුඩානයේ සන්නද්ධ ගැටුම ආරම්භයේ සිට මේ දක්වා සුඩාන දරුවන් මිලියන 4.6කට නිවහන අහිමි වී බලහත්කාරයෙන් අවතැන් කර ඇති බවද එම වාර්තා‍වේ සඳහන් වේ.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම