චීන අගමැති මැලේසියාවේ නියෝජ්‍ය අගමැති හමුවෙයි
2024-05-30 11:11:59
Share with:

චීන අගමැති Li Qiang මහතා මැලේසියාවේ නියෝජ්‍ය අගමැති සහ ග්‍රාමීය, ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය Ahmad Zahid bin Hamidi මහතා ඊයේ(29) බෙයිජිංහිදී හමුවිය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වැනි සංවත්සරය මේ වසරේ සනිටුහන් කරයි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකරගත් දා සිට දෙරට එකිනෙකාට ගරු කරමින් එකිනෙකාට සමානව සලකන අතර ඔවුන්ගේ මූලික හා දිගුකාලීන අවශ්‍යතා මත මිත්‍ර සබඳතා වර්ධනය කර ගැනීමට දෙරට කැපවී සිටින බව Li Qiang මහතා එහි දී පැවසීය.

දෙරටේ නායකයින්ගේ උපාය මාර්ගික මගපෙන්වීම අනුව ඉහළ මට්ටමේ හුවමාරු පවත්වා ගැනීමට චීනය කැමැත්තෙන් සිටී. ස්වෛරීභාවය සහ ආරක්ෂාව වැනි මූලික අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා එකිනෙකාට ස්ථිරව සහයෝගය දක්වන අතර සංවර්ධනය සඳහා අන්‍යෝන්‍ය ආර්ථික වාසි වඩා හොඳින් භාවිත කරමින් කලාපීය සමෘද්ධිය සහ ස්ථාවරත්වය සඳහා දායක වන බව ද Li Qiang මහතා සඳහන් කළේය.

මැලේසියාව සහ චීනය අතර පුළුල් උපායමාර්ගික හවුල්කාරිත්වය ඉදිරියට ගෙන යාම සඳහා ආර්ථිකය, වෙළඳාම, ආයෝජන ඇතුළු විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතාව වැඩිදියුණු කිරීමට මැලේසියාව සූදානම් බව Ahmad Zahid මහතා පැවසීය.

මැලේසියාව එකම චීනය මූලධර්මයට තදින්ම අනුගත වේ. ඕනෑම ආකාරයකින් චීනයට එරෙහි වීම හෙළා දකින බවත්, මැලේසියා-චීන සබඳතා කෙරෙහි කිසිදු බාහිර බලවේගයකට මැදිහත් වීමට හෝ බලපෑම් කිරීමට නොහැකි බවත් හෙතෙම සඳහන් කළේය.

දකුණු චීන මුහුදේ චර්යාධර්ම සංග්‍රහය පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට මැලේසියාව කැපවී සිටී. දකුණු චීන මුහුදේ ගැටළු ඇති කිරීමට බාහිර බලවේග දරන කිසිදු උත්සාහයක් සාර්ථක නොවනු ඇත. කලාපීය හා ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් සම්බන්ධීකරණය සහ සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීම සඳහා චීනය සමඟ එක්ව කටයුතු කිරීමට මැලේසියාව කැමැත්තෙන් සිටින බව ද ඔහු වැඩි දුරටත් පැවසීය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම