චීන-අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුව සාර්ථකව පැවැත්වේ
2024-05-30 19:06:35
Share with:

චීන-අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුව අද (30) බෙයිජිංහිදී සාර්ථකව පැවැත්විණ.

"බෙයිජිං ප්‍රකාශය", "2024-2026 චීන-අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයේ ක්‍රියාකාරී සැලැස්ම" සහ "පලස්තීන ප්‍රශ්නය පිළිබඳ චීනයේ සහ අරාබි රාජ්‍යයන්හි ඒකාබද්ධ ප්‍රකාශය" යන ලේඛන තුන එම සමුළුවේදී සම්මත කෙරිණ.

චීනය සමුළුවට එක් වූ රටවල් හා අරාබි ලීගයේ ලේකම් කාර්යාලය සමග එහිදී විවිධ සහයෝගිතා පිළිබඳ ලේඛන කිහිපයකට ද අත්සන් තැබීය.

චීන-අරාබි සබඳතා මට්ටම වැඩිදියුණු කිරීම සඳහා, පළමු චීන-අරාබි රාජ්‍ය නායක සමුළුව විසින් ඉටු කරන ලද වැදගත් උපායමාර්ගික කාර්යභාරය "බෙයිජිං ප්‍රකාශය" ඉතා ඉහළින් අගය කරයි. බෙයිජිං අගනුවර දී සාර්ථකව පැවති චීන-අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය සමුළුවේ දී එය නිකුත් කරනු ලැබීය.

චීන-අරාබි රාජ්‍ය සබඳතා තවදුරටත් පුළුල් කිරීමට සහ සංසදය ගොඩනැගීම ශක්තිමත් කිරීමට ඇති වුවමනාව මෙම ප්‍රකාශයෙන් පෙන්වා දී ඇති අතර, අදාළ මූලික අවශ්‍යතා සහ ප්‍රමුඛ සැලකිල්ල යොමුවන කරුණු පිළිබඳ අන්‍යෝන්‍ය සහයෝගිතා තහවුරු කිරීමේ අවශ්‍යතාව ද පෙන්වා දී තිබේ. කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් දෙපාර්ශ්වය දරන වැදගත් ස්ථාවරය "බෙයිජිං ප්‍රකාශයෙන්" පෙන්නුම් කෙරෙන අතර, නවයුගයේ පොදු ඉරණමක් සහිත චීන-අරාබි ප්‍රජාවක් අඛණ්ඩව ගොඩනැගීමට සෑම උත්සාහයක්ම දරන බව ද එහිදී අවධාරණය කර ඇත.

"2024-2026 චීන-අරාබි රාජ්‍ය සහයෝගිතා සංසදයේ ක්‍රියාකාරී සැලැස්ම" මගින්, දෙපාර්ශ්වය අතර විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා අවශ්‍යතා සහ සැලසුම් පැහැදිලි කර තිබේ. සංසදයේ අමාත්‍ය මට්ටමේ රැස්වීම් ඇතුළු සංවාද යාන්ත්‍රණ මෙන්ම, එම ක්ෂේත්‍රයන් හි දැනට පවතින සම්බන්ධතා යාන්ත්‍රණ ද අඛණ්ඩව පවත්වා ගෙන යා යුතු බව ද මෙම සැලැස්ම මගින් පෙන්වා දී තිබේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම