ඊනියා ‘ඇමරිකානු මාදිලියේ මානව හිමිකම්’ යනු එරට සුළුතරයක් භුක්ති විඳින වරප්‍රසාද සහ සෙසු රටවල් මත බලහත්කාරයෙන් පනවන ආධිපත්‍යය ම පමණකි
2024-05-30 10:59:35
Share with:

"ඇමරිකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ වාර්තාව - 2023" චීනය ඊයේ (29) නිල වශයෙන් නිකුත් කළේය.

දත්ත විශාල ප්‍රමාණයක් හා සිදුවීම් රැසක් පාදක කරගනිමින් සකසා ඇති එම වාර්තාව ඇමරිකාවේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සත්‍යය ලොවට හෙළි කර ඇත. ඊනියා "ඇමරිකානු මාදිලියේ මානව හිමිකම්" යනු වරප්‍රසාද සහ අධිපතිවාදය මිස අන් කිසිවක් නොවන බව ඉන් මනාව විග්‍රහ කර තිබේ.

නිදසුනක් ලෙස තුවක්කු ප්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් විමසීමේ දී, “තුවක්කු හිංසනය පිළිබඳ ලේඛන එකතුව”වෙබ් අඩවියේ සඳහන් සංඛ්‍යාලේඛනවලට අනුව, 2023 වසරේ ඇමරිකාවේ අවම වශයෙන් සමූහ වෙඩි තැබීම් 654 ක් සිදුව ඇත. එම ම්ලේච්ඡ වෙඩි ප්‍රහාරවලින්  43000 කට ආසන්න පිරිසක් මිය ගොස් තිබේ.

එසේම, ඇමරිකානු ජනතාවගෙන් බහුතර පිරිසක් සමාජයෙන් කොන් කිරීමට ලක්වන අතර, ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සහ නිදහස නොසලකා හරිනු ලැබේ. වාර්ගික වශයෙන් වෙනස්කොට සැලකීම එහිදී වඩාත් කැපීපෙනෙන අර්බුදයයි.

එපමණක් නොව, 1929 දී මහා ආර්ථික අර්බුදය සිදුවීමෙන් පසු වර්තමානය දක්වා, ඇමරිකාවේ වාර්තා වූ ධනවත්- දිළිඳු පරතරය මේ වනවිට බරපතලම මට්ටමට පැමිණ තිබේ. ඇමරිකානු ජනතාවට පාලකයන් කෙරෙහි ඇති විශ්වසනීයත්වය ද දැඩි ලෙස පහත වැටී ඇත. ඊට ප්‍රධාන හේතුව ඇමරිකාවේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින මූල්‍ය දේශපාලනය සහ පක්ෂ අරගලයයි. මීට අමතරව, වඩාත් බරපතල වන දේශපාලන ධ්‍රැවීකරණයෙන්, ඇමරිකානු සමාජයේ බෙදීම් තීව්‍ර වී ඇති අතර ජනතා විශ්වාසය ද බෙහෙවින් අඩාල වී තිබේ.

යුක්රේනයට අවිආයුධ ලබා දීම, ඊශ්‍රායලයට විශාල පරිමාණ හමුදා ආධාර සැපයීම මෙන්ම කියුබාව, ඉරානය, හා සිරියාව යනාදී රටවලට ඒකපාර්ශ්වික සම්බාධක දීර්ඝකාලීනව අසීමිත ලෙස පැනවීම වැනි අන්තවාදී ක්‍රියාකාරකම්වලින් ද ඇමරිකාවේ සැබෑ ස්වරූපය මනාව ප්‍රකට වී ඇත. එසේම, ඇමරිකානු රජය සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සඳහා නිදහසට කරුණක් සහ තම ආධිපත්‍යය පවත්වාගෙන යාමේ අවියක් ලෙස මානව හිමිකම් යොදාගන්නා බව ද පැහැදිලි කරුණකි.

බොහෝ සත්‍ය සිදුවීම් ඔස්සේ ජනතාවට අවබෝධ වී ඇති පරිදි ඊනියා "ඇමරිකානු මාදිලියේ මානව හිමිකම්" යනු, එරට අභ්‍යන්තරයේ කිහිප දෙනෙකු භුක්ති විඳින වරප්‍රසාද සහ වෙනත් රටවල් මත බලහත්කාරයෙන් පනවන ආධිපත්‍යය මිස අන් කිසිවක් නොවේ.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම