පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පරිවර්තනය වෙනුවෙන් පුළුල් සැලැස්මක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
2024-05-30 16:58:08
Share with:

මෙරට පුනර්ජනනීය බලශක්තිය ප්‍රයෝජනයට ගැනීම සහ හරිත හයිඩ්‍රජන් නිෂ්පාදනයේ ඉදිරි ප්‍රවණතා විමර්ශනය කෙරෙන පුළුල් සැලැස්මක අවශ්‍යතාවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ “බලශක්ති පරිවර්තනයේ ඉදිරි ගමන්මග” මැයෙන් ඊයේ (29) කොළඹ දී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි. ලෝක බැංකුව, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ ලංකා විදුලිබල මණ්ඩලය එක්ව සංවිධානය කර තිබූ මෙම වටමේස සාකච්ඡාව ශ්‍රී ලංකාවේ බලශක්ති පරිවර්තනය පිළිබඳ සාකච්ඡා කිරීමේ ප්‍රධාන වේදිකාවක් විය.

දේශීය වශයෙන් විශේෂඥ දැනුම ලබා ගැනීමේදී මතුව ඇති දුෂ්කරතා පිළිබඳව සඳහන් කළ ජනාධිපතිවරයා ඊට සහාය ලබා දෙන ලෙස ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ දෙස් විදෙස් ආයෝජකයින් ඇතුළු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය. ඉදිරියේදී විදුලිබල ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පත සහ දේශගුණික විපර්යාස පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම