ලෝක සෞඛ්‍ය සමුළුවේදී චීනයේ තායිවානය හා සම්බන්ධව වැරදි ප්‍රකාශ නිකුත් කළ රටවල් කෙරෙහි චීනයේ දැඩි විරෝධය
2024-05-30 09:56:29
Share with:

77 වන  ලෝක සෞඛ්‍ය  සමුළුවේදී ඇතැම් රටවල්  චීනයේ තායිවානය හා සම්බන්ධව වැරදි ප්‍රකාශ නිකුත් කිරීම කෙරෙහි චීනය දැඩි විරෝධය පළ කරයි. 

සාමාන්‍ය වාද විවාදයේදී ඊට චීන නියෝජිත කණ්ඩායම පසුගිය 28 වනදා පිළිතුරු දීමේ අයිතිය ක්‍රියාත්මක කර ඇත. 

ඇතැම් රටවල් සාමාන්‍ය වාද විවාදයේදී වගකිම් රහිත ප්‍රකාශ නිකුත් කරමින් චීනයේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාවය දැඩි ලෙස උල්ලංඝනය කර ඇත.චීනය එය දැඩිව හෙළා දකින අතර දැඩි විරෝධය පළ කරන බව චීන නියෝජිත කණ්ඩායම පැවසීය. 

ලෝකයේ පවතින්නේ එකම චීනය වන අතර, තායිවානය චීනයෙන් වෙන් කළ නොහැකි කොටසකි. චීන මහජන සමූහාණ්ඩුව සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජයයි. එය ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමක් බවද එහිදී ප්‍රකාශ කෙරිණ.එක්සත් ජාතීන්ගේ මහා සම්මේලනයේ අංක 2578 දරන තීරණ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අංක 25.1 දරන තීරණයන් යටතේ එකම චීනය මූලධර්මය අනුගමනය කරන ලෝක සෞඛ්‍ය සංවිධානය චීන තායිවානය හා සම්බන්ධ ප්‍රශ්න මතු කිරීම පරිපාලනමය නීති පදනමක් සපයා ඇත.එහි බලාධිකාරීත්වය අභියෝගයට ලක් කිරීමට ඉඩ නොමැති බව චීන නියෝජිත කණ්ඩායම පවසා ඇත. 

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම