2024 සංචාරක පැමිණීමේ වර්ධනයක්
2024-05-30 16:59:04
Share with:

2024 මැයි මාසයේ පළමු දින 26 තුළ දී විදෙස් සංචාරකයින් 96,890 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 881,541 ක් දක්වා ඉහළ ගොස් ඇත. මැයි මාසයේ පළමු දින 26 තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 28.1% ක් ඉන්දීය සංචාරකයින් වන අතර එම සංඛ්‍යාව 27,274 කි. මීට අමතරව මාලදිවයිනෙන් 7,620 ක්, ජර්මනියෙන් 6,938 ක් සහ එක්සත් රාජධානියෙන් 6,935 ක් ලෙස වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම