චීන- එක්සත් එමීර් අරාබි ජනපතිවරුන් අතර හමුවක්
2024-05-30 16:54:31
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එක්සත් එමීර් අරාබි රාජ්‍යයේ ජනාධිපති Mohamed bin Zayed Al Nahyan මහතා හමු වෙයි.

අද (30) සවස බෙයිජිං හි මහජන මහා ශාලාවේදී, එම නායක දෙපළ සාකච්ඡාවක් පැවැත්වූහ. චීනයේ නිල සංචාරයක් සහ චීන-අරාබි රාජ්‍ය ස‍හයෝගිතා සංසදයේ 10 වැනි අමාත්‍ය මට්ටමේ සමුළුවට සහභාගී වීම සඳහා Mohamed bin Zayed Al Nahyan මහතා චීනයට පැමිණ සිටී.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය චීනයේ වැදගත් උපායමාර්ගික හවුල්කාරී රටකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග එක්ව ද්විපාර්ශ්වික පූර්ණ උපායමාර්ගික හවුල්කාරී සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරීමට චීනය කැමති බව ෂී ජින් පිං මහතා එහිදී කියා සිටියේ ය. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ස්වාධීන සංවර්ධනයට මෙන් ම සිය ස්වාධිපත්‍යය, ආරක්ෂාව, සංවර්ධන ප්‍රතිලාභ රැකගැනීමට ද චීනය සහාය ලබා දෙයි. දෙරටේ අන්‍යෝන්‍ය දේශපාලන විශ්වාස සහ විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා තහවුරු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ද හෙතෙම පැවසීය. මැදපෙරදිග රටවල් සංවර්ධනය වෙමින් පවතින රටවල් අතරින් වැදගත් කොටසකි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු අරාබි රටවල් සමග එක්ව පොදු ඉරණමක් සහිත චීන-අරාබි හවුල ගොඩනැඟීමට කටයුතු කරන බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.


චීනය සමග පවතින සම්බන්ධතා තම රට ඉතා වැදගත් කොට සලකන බවත්, තම රට චීනය සලකන්නේ දිගුකාලීන විශ්වසනීය උපායමාර්ගික හවුල්කරුවෙකු වශයෙන් බවත්, Mohamed bin Zayed Al Nahyan ජනාධිපතිවරයා කියා සිටියේ ය. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 40වැනි සංවත්සරය සනිටුහන් කරමින් ආර්ථික, ආයෝජන, බලශක්ති, අධ්‍යාපන හා විද්‍යා තාක්ෂණ ඇතුළු විවිධ ක‍්ෂේත්‍රවල දෙරට අතර පවතින සහයෝගිතා වඩාත් පුළුල් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලාපොරොත්තු වේ. එකම චීනය ප්‍රතිපත්තිය තරයේ අනුගමනය කරන බවත්, චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට අඛණ්ඩව එක්වන බවත්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳව ද නායක දෙපළ එහිදී අදහස් හුවමාරු කර ගෙන තිබේ.

එම හමුවීමෙන් පසු නායක දෙපළ ආ‍යෝජනය, විද්‍යා තාක්ෂණ, චීන භාෂා අධ්‍යාපනය, සංචාරක ඇතුළු ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගිතා ලියවිලිවලට අත්සත් තැබීමේ උත්සවයට එක් වූහ.

 

ගුවන් විදුලිය
20240726සකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම