ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගත ගිවිසුම පිළිබඳ සාකච්ඡා වෙනුවෙන් අඛණ්ඩව නායකත්වය දෙනු ඇතැයි චීනය අපේක්ෂා කරයි
2024-05-30 10:41:08
Share with:

ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගත ගිවිසුම පිළිබඳ සාකච්ඡා වෙනුවෙන් අඛණ්ඩව නායකත්වය දෙනු ඇතැයි චීනය අපේක්ෂා කරයි. අනාගත ගෝලීය සෞඛ්‍ය පාලන ප්‍රතිසංස්කරණයන් හී ප්‍රධාන කරුණක් ලෙසට වසංගත පාලන ගිවිසුම සැලකෙන බව චීන ජාතික වසංගත පාලන හා ආරක්ෂණ පරිපාලනයේ සෞඛ්‍ය හදිසි ප්‍රතිචාර ප්‍රධානී හු ගුවන්ග් මහතා පැවසීය.

චීනය අදාළ සාකච්ඡා සඳහා සක්‍රීයව සහභාගිවී සිටින අතර ගිවිසුම කෙටුම්පත් කිරීම වෙනුවෙන් ප්‍රධාන මෙහෙවරක් ඉටු කරන බවද හෙතෙම සඳහන් කළේය. චීනය සැමවිටම බහුපාර්ශ්වවාදය වෙනුවෙන් දැඩිව පෙනී සිටී. ගෝලීය සහයෝගීතාව පිළිබඳ සංකල්පය වෙනුවෙන් ද චීනය  පෙනී සිටි අතර, ජාතික ස්වෛරීභාවයට ගරු කිරීම සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලික කාර්යභාරය වැඩි දියුණු කිරීම ද අවධාරනය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් මෙම වසරේ ලෝක සෞඛ්‍ය සමුළුවට පෙර ගිවිසුමේ වගන්ති සම්බන්ධයෙන් සම්මුතියකට නොපැමිණි නමුත්, පසුගිය වසර දෙක තුළ සාමාජික රටවල සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒකාබද්ධ ප්‍රයත්නයන් තුළින් සාකච්ඡාවල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ‍‍ගෙන ඇති බව ද හෙතෙම  සඳහන් කළේය. සාමාජික රටවල් ගිවිසුමේ බොහෝ වගන්ති වෙනුවෙන් එකඟ වී ඇති අතර පසු විපරම් සාකච්ඡා මගින් ගිවිසුම නිකුත් කිරීම පෙළඹවීමට ශක්තිමත් පදනමක් සපයා ඇතැයි ද චීන ජාතික වසංගත පාලන හා ආරක්ෂණ පරිපාලනයේ සෞඛ්‍ය හදිසි ප්‍රතිචාර  ප්‍රධානියා පැවසීය.

 

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම