අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට අඛණ්ඩව සහන සැලසීමට ජනපතිගෙන් නිළධාරින්ට උපදෙස්
2024-05-29 15:45:16
Share with:

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන ලෙසත්, ආපදා තත්ත්වය පහව යන තුරු සහන සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණය හේතුවෙන් 27 වනදා වන විට දිවයින පුරා පුද්ගල මරණ 08ක් වාර්තා වී ඇති බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය සඳහන් කරයි. ඔවුන් වෙනුවෙන් කඩිනමින් වන්දි ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා අදාළ පාර්ශ්ව වෙත දැනුම් දී තිබේ.

එමෙන්ම අයහපත් කාලගුණය හේතුවෙන් මේ වනවිට දිවයින පුරා පවුල් 11,326ක පුද්ගලයන් 42,640ක් පීඩාවට පත්ව සිටී. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට කටයුතු කරන ලෙස ආපදා සහන සේවා මධ්‍යස්ථානය වෙත දැනුම් දී ඇති ජනාධිපතිවරයා එම ජනතාවගේ සෞඛ්‍ය සහ සනීපාරක්ෂක පහසුකම් පිළිබද විශේෂ අවධානයක් යොමු කරන ලෙසද උපදෙස් දුන්නේය.

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම